Colombo Today Local News

ධනුෂ්කට එරෙහි චෝදනා 4න් 3ක් ඉවත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියාවේදී කාන්තාවක් අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ එල්ල වී තිබෙන චෝදනා 4න් 3ක් ඉවත් කර තිබේ.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කාන්තාවක් අපයෝජනය කිරීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට පත් විය.

පසුව ඔහු දැඩි ඇප කොන්දේසි යටතේ මුදා හැරුණු අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ ඔහුට එල්ල වී තිබෙන චෝදනා 4න් 3ක් අද ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම නඩුව ලබන මස 13 වැනි දා යළි කැඳවීමට නියමිතයි.

Related posts

ළිංමැඩි මානසිකත්වය ප්‍රදර්ශනය කිරිම ලැජ්ජා සහගතයි

colombotoday

මැතිවරණයෙන් ජයග්‍රහණය කළත් පැරදුනත් ආණ්ඩුවක් පිහිටනවා- වජිර

colombotoday

එක්වෙනවාද, නැද්ද.. තීරණාත්මක සාකච්ඡාව අද

colombotoday

අද රෑ 12 සිට ෆේස්බුක් දේශපාලන දැන්වීම් ඉවතට – ‘සිල්ගත්තා වගේ ඉන්න’ මැකො කියයි

colombotoday

ඥාණසාර හිමි ඇප මත මුදා හරී.. වරෙන්තුවත් ආපසු කැදවයි..

colombotoday

NGO මුදලින් යැපෙන රජයේ නිලධාරීන් ‘අලි ප්‍රශ්නයක් මවා’ දළදා පෙරහැර නැවැත්වීමේ කුමන්ත්‍රණයක !

colombotoday