Colombo Today Local News

විදුලි බිල වැඩි කිරීමට එරෙහි වූ ජනක රත්නායක ඉවත් කරන්න පොහොට්ටුවේ පුර්ණ සහය

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකත්වයෙන් සහ එහි සභාපති ධුරයෙන් ජනක රත්නායක මහතා ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරි පත් වී ඇති යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.

එහි ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ, මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපය කිසිසේත්ම පක්ෂයක් ලෙස අනුමත නොකරන බවය.

මේ හේතුවෙන් ජනක රත්නායක මහතා ඒම ධුරයෙන් ඉවත් කිරීමට පුර්ණ සහය ලබා දෙන බව ලේකම්වරයා පවසයි.

මේ අතර ජනක රත්නායක මහතා ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවට විරුද්ධව සිය ජන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගය පවසයි.

එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරන්නේ, විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පෙනී සිටි ජනක රත්නායක වෙනුවෙන් ප්‍රධාන විපක්ෂය ලෙස පෙනි සිටින බවයි.

මහජන උපයෝගිතා කොමිසමේ සමාජිකත්වයෙන් එහි සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට අදාල යෝජනාව ලබන 24 වැනි දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති අතර එදින පස්වරුවේ ඊට අදාල ජන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් හර්ජුන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කරයි. අධිකරණයේදී හෙළිවෙයි

colombotoday

මහනුවරින් යන රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

Admin

රෝහල් තුළ මෘත ශරීරාගාරවල තදබදයක් – කළුතර සියලු ආදාහනාගාරය පැය 24ම ක්‍රියාත්මකයි

colombotoday

බිම් මට්ටමේ ගැටුම් ඇතිවීමේ අවධානමක්

Admin

“බුද්ධි අංශ ප්‍රධානියා වහාම නෙරපනු“…. පුරවැසි බලයෙන් ජනපතිට දැඩි බලපෑම්

colombotoday

ශ්‍රීලනිප ඒකාබද්ධ රහස් හමුවක්

colombotoday