Colombo Today Local News

පදවිය වැවෙන් ජලය හොරකම් කළ තිදෙනෙක් රිමාන්ඩ්

පදවිය වැවෙි වාන් දොරටුවට අධිබලැති ජැක් ගසා හොරෙන් ජලය ලබා ගත් බව කියන ව්‍යාපාරිකයා ඇතුළු සියලු සැකකරුවන් මේ මස 24 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා නියෝග කර තිබේ.

මෙසේ නියෝග කර ඇත්තේ, මෙම සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටී සැකකරුවන් අධිකරණය ලබාදී තිබු නියෝගයකට අනුව පදවිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.

රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ ප්‍රධාන සැකකාරු ව්‍යාපාරිකයකු වන ඩබ්ලිව්. ඒ. මයුර ප්‍රදීප් මධුසංඛ සහ ඩබ්ලිව්. ඩී. උපාලි කුමාරතුංග සමඟ එන්. ඩී. ටී. කමල් ප්‍රියශාන්ත යන සැකකරුවන්ය.

මෙහිදී පදවිය පොලීසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කියා පවසා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බවයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පොදු දේපොළ පනත යටතේ බව අධිකරණයට ප්‍රකාශ කළ පොලීසිය පෙර ලබාදී ඇති ඇප අවලංගු කර සැකකරුවන් රිමාන්ඩ් කරන ලෙසද ඉල්ලා සිටියේය.

Related posts

ජනපති රනිල් ඉන්දියාවේ දෙදින නිල සංචාරයක

Admin

ඊබ‍්‍රාහිම් සිරකර තැබීමත් ගම්මිරිස් මිල පහත යාමට හේතුවක්- අගමැති

colombotoday

තාප්පයට ‌හේත්තු කළොත් ධූරයෙන් ඉවත්වී පොලොන්නරුවට යනවා

colombotoday

එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුම සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී

colombotoday

ඇමති ජිවන් තොණ්ඩමන්ගෙන් පොලීසියට තර්ජන – බගවන්තලාවේදී යකා නටයි.

colombotoday

“අස්ගිරි නාහිමිට, දඹලු විහාරයට බලපෑම් කිරීම වැරදියි“ – SB අගමැතිට, අකිලට එරෙහිව කට අරී

colombotoday