Uncategorized

කෝටි 200 කුඩු සමඟ ඇල්ලූ හයදෙනා වරායට ගෙන එයි

ශ්‍රි ලංකාවට දකුණ දෙසින් වු මුහුදු සීමාවේ දී රුපියල් කෝටි 200 ට ආසන්න වටිනා හොරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාව සහ ධීවරයන් හය හයදෙනා අද (18) පස්වරුවේ කොළඹ වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව කියයි.

ශ්‍රි ලංකාවට දකුණ දෙසින් වු කිලෝ මීටර් 760 ක දුරින් වු මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවය හා නාවික හමුදාව එක්ව ඉකුත් 12 දින මෙම මෙහෙයුම සිදුකර සැකකරුවන් හා මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුමේ දී හොරොයින් කිලෝ 99 ක හා හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 8 ක ප්‍රමාණයක් තිබු බවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

හොරොයින් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව හලාවත ප්‍රදේශයේ යාත්‍රාවක් බවත්, එහි සිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් බව බවද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

Related posts

සුදු වෙන්න උලන අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි

Admin

රංගන ශිල්පිනී අනූෂා සොනාලි අභාවප්‍රාප්ත වෙයි

colombotoday

පිරවුම්හල් අසල කලබල කලොත් තෙල් දෙන්නේ නෑ!

colombotoday

මඩාටුගම අන්තවාදී තව්හිද් පල්ලිය කඩා දැමුවාට හිස්බුල්ලා එරෙහි වෙයි…

colombotoday

එතනෝල් ආනයනය අත්හිටුවයි !

colombotoday

මුහුදුබත් වූ එක්ස්ප‍්‍රස් පර්ල් අත්අඩංගුවට ගන්න නියෝග

colombotoday