Colombo Today Local News

බොරැල්ල පොදු සුසාන භුමියේදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් වෙනුවෙන් සැමරුමක් – කොළඹ උණුසුම් වෙයි

දශක තුනක් මුළුල්ලේ මෙරට පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට (18)දින වසර 14ක් සපිරෙයි.

යුද ගැටුම් අතරතුර මියගිය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සිහිපත් කරමින් සැමරුමක් පැවැත්වීමට යාමේදී අද පාර්ශ්ව දෙකක් අතර කොළඹදී නොසන්සුන්තාවයක් ඇති වී තිබේ.

සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් අද පෙරවරුවේ බොරැල්ල පොදු සුසාන භුමිය ඉදිරිපිට මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිහිපත් කරමින් සැමරුමක් සංවිධානය කර ඇත.

එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් ඊට විරෝධය පෑමත් සමග එම ස්ථානයේ නොසන්සුන්තාවක් ඇතිවි ඇත.

කෙසේවෙතත් පැමිණි පිරිස එම ස්ථානයේදී පහන් දල්වමින් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිහිපත් කිරීම සිදුකරනු ලැබීය.

පසුව පොලිසීයේ මැදිහත්වීමෙන් දෙපාර්ශ්වය විසුරුවා හැරීමට පියවර ගෙන තිබේ.

Related posts

සිංහලේ ගැන හොයන්න ජනපති කමිටුවක් දමයි

colombotoday

නව පොලිස්පති DIG වික්‍රමසිංහ ?

colombotoday

තිළිණිගේ හොර වැඩ වලට ගයිට් කළ රූපලාවන්‍යාගාර හිමිකරු රිමාන්ඩ්

Admin

“කිරිබත් වලට වඩා තෛපොංගල් බත් රසයි.. දැන් ලංකාවටම හිරු පායනවා” – අගමැති

colombotoday

ඇවන්ගාඩ් නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද නැද්ද නියෝගය මාර්තු එකොළොස් වනදා

colombotoday

අවශ්‍යව සිටි බන්ධනාගාර නිලධාරියා CIDයට භාරවෙයි

colombotoday