Colombo Today Local News

මෙවර සාපෙළ ලියන සිසුන්ට දැනුම් දීමක්

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙතෙක් ජාතික හැදුනුම්පත ලබාගෙන නොමැති විභාග අපේක්‍ෂකයන් ඒ සඳහා අයදුම්පත අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාහාම යොමුකළ යුතු බවත් ඉල්ලුම්පත යොමු කළ ද මෙතෙක් ජාතික හැදුනුම්පත තහවුරු කරන ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන් එම දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ යුතු බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසයි.

ඉල්ලුම්පත් ඉදිරිපත් කර නොමැති අයදුම්කරුවන් නිවැරදිව සම්පූර්ණ කළ අයදුම්පත ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා හෝ ස්ථිර පදිංචි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරියාවරයා සහතික කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කළ යුතු බව කී ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා තහවුරු කිරීමේ ලිපිය නොලැබු අයදුම්කරුවන් 0115226100 හෝ 0115226126 යන දුරකථනවලට ඇමතීමෙන් විමසීම් කළ හැකි බව ද සඳහන් කළේය.

Related posts

මල්වතු මහ නාහිමිගෙන් ජනපතිට ලිපියක්

colombotoday

අනුරාධපුරය කොරෝනා රතු කලාපයක්.. පාසල් දරුවන් දහසකට කොරෝනා – මන්ත්‍රී රෝහණ බණ්ඩාර

colombotoday

ප්‍රවීන රංගධර ජයලත් මනෝරත්නයන් දිවි රගමඩලට සමු දෙයි !

colombotoday

නාකොටික් SI අල්ලන්න පොලීසිය මහජන සහය පතයි

colombotoday

අගමැති ඉන්දියා යයි.. මුකම්බිකා කෝවිලේ මහා දුර්ගා පූජාවක් !

colombotoday

මඩකලපුවේ හාමුදුරුවන්ට විහාරස්ථානයේ දී වෙඩි ප්‍රහාරයක්

Admin