Colombo Today Local News

මෙරට කිතුල් නිෂ්පාදන අපනයනයට සූදානම්

ඇහැලියගොඩ කිතුල් ව්‍යාපෘතියේ නිෂ්පාදන, රටවල් හතරකට අපනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහනක් ආරම්භ කර තිබේ.

ඒ අනුව, කිතුල් නිෂ්පාදන අපනයනය තුළින් මාසිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට හැකිව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය ප්‍රකාශ කළාය.

එම නිෂ්පාදන කිතුල් පැණි, කිතුල් හකුරු හා කිතුල් රා මේ වන විට අමෙරිකාව, ඩුබායි, ස්විට්සර්ලන්තය හා ඕමානය ඇතුළු රටවල් හතරකට අපනයනය කරනු ලබයි.

මෙම වැඩසටහන යටතේ පවුල් 600කට අවශ්‍ය තාක්ෂණය, මුල්‍ය ආධාර හා නිෂ්පාදන අලෙවි කිරීමට හැකි වෙළෙඳපොළ හඳුන්වා දීම මගින් ඉතාමත් සාර්ථකව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් කිතුල් නිෂ්පාදන අපනයනය කිරීම මගින් මාසිකව එක් කිතුල් ගොවියෙක් රුපියල් එක් ලක්ෂ පනස්දහසක ආදායමක් උපයන බව ද ඇය පැවසුවාය.

Related posts

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පන්දම් අරගෙන විරෝධතාවයේ

colombotoday

බෝම්බ ප්‍රහාරවලට අදාළ සැකකරුවන්ගේ ඡායාරූප පොලීසිය මුදා හරී

colombotoday

වෙසක්-පොසොන් දිනට තොරණ පෙන්වීම තහනම් – බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් තීරණයක්

colombotoday

මෝදිගේ ලංකා ගමන පිටුපස කලාපීය යුද්ධයක අනතුරක්?

colombotoday

මහනුවර – මාතලේ නාය යාමේ අවදානමක්

Admin

රන් මිල ලක්ෂ 2කට ළංවෙයි

colombotoday