Colombo Today Local News

ජොන්ස්ටන්ගේ නඩුව විත්තියේ විරෝධය නොතකා අහයි

වෙළඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ ස.තො.ස. සේවකයන් ඔවුන්ගේ රාජකාරි කටයුතුවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතු වල යොදා ගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම පවරා ඇති නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මතුකළ මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නඩුව විභාග කිරීමට අද (10)දින තීරණය කර තිබේ.

ඒ අනුව නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජුලි මස 20 වැනිදා පැවැත්වීමටද තීරණය කර ඇත.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු” සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් නමැත්තන්ය. නඩුව මීට පෙර අවස්ථාවක කැඳවනු ලැබු අවස්ථාවේදී විත්ති පාර්ශවයේ නීතීඥවරුන් මුලික විරෝධතාවයක් මතු කරමින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාම අත්සන් කොට නොමැති හෙයින් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මුලික විරෝධතාවයක් මතු කර ඇත.

Related posts

වසන්ත මුදලිගේට ඇප

Admin

රජයේ රෝහල් වල සායනික ඖෂධ යළිත් නිවෙසටම

colombotoday

“බුදුන්ගේ රස්තියාදුව” කියලා අසභ්‍ය භාෂාවෙන් ග්‍රන්ථයක්, ඒක ලියපු මිනිහත් කලාකරුවෙක් කියලා හඳුන්වනවා. ඇමති විජේදාස

colombotoday

තියුණු ආයුධවලින් පහර දී දෙදෙනෙකු ඝාතනය කරයි

colombotoday

“අපි දූෂිතයන් අල්ලන්නේ යහපාලන ක්‍රමයටයි“ – මව්න්ට් එලිසබෙත් යන්න කලින් රාජිත කී කතාව

colombotoday

ජොන්ස්ටන්ට ඇප

colombotoday