Colombo Today Local News

අයවැය ඡන්ද විමසීම අද.. ඒකාබද්ධයේ 9ක් ඡන්දය දීමෙන් වැළකෙන්න යයි !

budjet-20172017 වර්ෂය සඳහා රජය ඉදිරිපත් කළ අයවැය වාර්තාව පිළිබඳ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසිම අද (18දා) පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත අතර, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 ක් ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

තවද ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අයවැයට පක්ෂව ඡන්ද ප්‍රකාශ කිරීමට තීරණය කර ඇතැයිද පාර්ලිමේන්තු ආරංචි මාර්ග තහවුරු කර තිබේ.

අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ නොකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 සහ අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම පසුව ජනාධිපතිවරයා සමග එක්වීමටද මේ වනවිට තීරණය කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

කොවිෂීල් එන්නත් මාත්‍රා දෙකම ගත් කුරුණෑගල පිරිසකට කෙරෝනා

colombotoday

රවීගේ මුදල් ඇමතිකම චම්පිකට !!

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

විධායකය අහෝසි කරන 20වන ව්‍යවස්ථා සංශෝධනය ජවිපෙන් පාර්ලිමේන්තුවට

colombotoday

ආමර්වීදියේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් මරුට

colombotoday

ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය තමන් වෙත ලබා ගැනීමේ සැලසුමක්

colombotoday