Colombo Today Local News

විල්පත්තු සංහාරය තවදුරටත් – අක්කර 175ක් පලතුරු වගා සමාගමකට

විල්පත්තුවේ ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ රක්ෂිත දෙකකට අයත් වනාන්තර අක්කර 175ක් නීති විරෝධී ලෙස එච්.වී.ඒ. ෆුඩ් සමාගමට ලබා දී ඇති බව  පරිසර සංරක්ෂණ භාරය අනාවරණය කරයි.

එහි අධ්‍යක්ෂ පරිසරවේදී සජීව චාමිකර කියා සිටින්නේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම වන කලා ඔය හා සම්බන්ධව ඇති වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ පිහිටි රක්ෂිත වනාන්තර පද්ධතියේ මෙම ඉඩම් ලබාදී ඇති බව කියා සිටී.
ඒ මහතා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ අදාළ සමාගම රක්ෂිත ප්‍රදේශ දෙකකට හා රාල්මඩුව – අච්චිමලේ පුරාවිද්‍යා රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 35ක් නීති විරෝධීව එළිකර පලතුරු වගා නියමු ව්‍යාපෘතියක් පවත්වාගෙන යන බවයි.
එම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 4ක ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඔහු කියා සිටියි.
ඊට අපනයනය ඉලක්කකරගත් කාබනික ගොවිතැන්, නිවාඩු නිකේතනය නමින් කෘෂි සංචාරක ව්‍යාපෘතියක්ද එක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

Related posts

කිලිනොච්චියේදී හමුදා නිලධාරීන්ට පහරදීම පෞද්ගලික ආරවුලක් !

colombotoday

අමරවීර සජබයට?

Admin

ආසාදිතයින් 2500 පැන්නොත් සෞඛ්‍ය පද්ධතියම කඩා වැටේවි – අනතුරු ඇඟවීමක්

colombotoday

දෙමළ සන්ධානය මානව හිමිකම් කවුන්සිලයට යලිත් කේලාම් කියයි

colombotoday

වාහන ආනයනයට කොළ එළියක්

Admin

අර­න්තලා භික්ෂු ඝාත­ක­යන් වසර 33කට පසු නීතිය හමු­වට

colombotoday