Colombo Today Local News

අජිත් පි පෙරේරාගේ ජාතකේ කතා කල තෙවරප්පෙරුමගේ නි.ඇමතිකම නැති වෙන ලකුණු

ajith_thewaraperuma

අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මනාප වැඩි කර ගැනීමට තමාගේ ජාතකේ වෙනස් කල බව පැවසු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරපෙරුම මහතා එම තනතුරෙන් ඉවත්කර දමන ලෙස අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ ජේෂ්ඨයන් පිරිසකගෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්චා කර එම තීන්දුව ඉදිරියේදී ගන්නා බවයි අජිත් පී පෙරේරා මහතාගේ පුද්ගලික කාර්යමණ්ඩල ආරංචිමාර්ග සදහන් කර සිටින්නේ.


 

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා බොර දියේ මාළු බාන බව නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටිනවා. ඒ හිරු ටීවී සලකුණ වැඩසටහනට පැමිණි අවස්තවෙදෙයි.

එහිදී පාලිත තෙවරප්පෙරුම මහතා සදහන් කලේ සන්ගරන්ගේ අජිත් පද්මකන්තන් පෙරේරා මහතා දිස්ත්‍රික්කයේ අංක එක ගැනීම සදහා තමන්ගේ ජාතකය වෙනස් කරගත් පුද්ගලයෙක් බවත් ජනතාවගේ දේපල මත විශාල කටවුට් ගැසූ බවත්ය. ඔදේශපාලන ඉතිහාසයේ තමන්ට විරුද්ධව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රිය පැමිණිලි නොමැති නමුත් අජිත් පි පෙරේරා මහතාට විරුද්ධව පළාත් සභාවේ විපක්ෂනායකවරයට පහර දීමේ චෝදනා, ඉඩම් ගොඩ කිරීමේ චෝදනා සහ වැව් ගොඩ කර හෝටල් සැදීමේ චෝදනා පවතින බවත් ඔහු යහපාලනය විනාශ කරන බවත් සදහන් කර සිටියා.

Related posts

අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් අත්අඩංගුවට

colombotoday

සමගි ජන බලවේගයේ සම්බන්ධීරණ ලේකම්වරයෙක් අත්අඩංගුවට

colombotoday

රනිල්ට 85%ක් අරගෙන දෙනවා

Admin

පෙට්‍රල් මිල රු.21කින් අඩු කෙරේ

Admin

ඇමතිලාට වාහන ගන්න කෝටි 79ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

colombotoday

අවසර ලැබූවන්ට හැර කෑන්වලට ඉන්ධන සැපයීම අත්හිටුවයි

colombotoday