හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා එරෙහිව අමෙරිකාව පැනවූ තහනම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව අදාළ තීරණය සම්බන්ධයෙන් කනගාටුව පළකරන බව විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් මෙම තීරණය හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ බරපතල කනස්සල්ල අද(27)දින එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් මහත්මිය වෙත ප්‍රකාශ කළ බවයි විදේශ අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරන්නේ.