Colombo Today Local News

අළුත්වැඩියා කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් ගැන ප්‍රශ්නයක් : කරාපිටියේ සී.ටී ස්කෑන් නවතී

දකුණු පළාතේ තිබෙන ප්‍රධානතම රෝහල වන කරාපිටිය රෝහලේ සී ටී ස්කෑන් යන්ත්‍ර අක්‍රීයවීමෙන් රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලය ද මහත් අපහසුතාවයක් අත්විඳින බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රෝහලේ තිබෙන සී.ටී ස්කෑන් යන්ත්‍ර දෙකම මාස ගණනක් තිස්සේ අක්‍රීය වී තිබෙන අතර ඉන් එකක් පමණක් ඊයේ වන විට හදා තිබෙන බවත් එම යන්ත්‍රය පාවිච්චි කරන්නේ හදිසි ප්‍රතිකාර ඒකකයට පමණක් බවත් කරුණාතිලක මහතා කීය.

අනෙක් යන්ත්‍රයත් ඉක්මනින් පිළිසකර නොකළොත් රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලයත් අපහසුතාවයට පත් වෙන බව ගයන්ත කරුණාතිලක පැවසීය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා:-

අප ඒ වගකීම බාර ගන්නවා. එහි තිබූ ප්‍රශ්නය වන්නේ අළුත්වැඩියා කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් පිළිබඳ ප්‍රශ්නයක්. එක යන්ත්‍රයක් යථා තත්ත්වයට පත් කළා. ලබන සිකුරාදා වන විට අනෙක් යන්ත්‍රයත් යථා තත්ත්වයට පත් කරන බව දන්වා තිබෙනවා.

Related posts

අගමැති මහින්ද කුරුණෑගල අතහැර ජාතික ලැයිස්තුවට

colombotoday

සීනි, තෙල් ලෙඩ කෑම.. ජනතාවගේ සෞඛ්‍ය රැකගන්න බදු වැඩි කරනවා – සෞඛ්‍ය ඇමති

colombotoday

විදේශ සංචාරකයින් ප්‍රවාහන බස් වලට ඩීසල් ලංගම ඩිපෝවලින්

colombotoday

ලෝක වෙළෙඳපලේ රන් මිල පහළට

colombotoday

රත්තරන් මිල ඉහළට

Admin

ලොකුම හොරකම සිදුකළ විදේශිකයාට යන්න දීල අගමැති අලුත් හොරු හොයනවා – දිලුම් අමුණුගම

colombotoday