Colombo Today Local News

ශ්‍රී ලංකාවට 900 – 1000 Km අතර දුරකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක්

ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 900ත් 1000ත් අතර දුරකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, එම්. එම්. ජේ. ඒ. අජිත් ප්‍රේමා මහතා පවසයි.

අද (26)දින පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ එම අවදානම නිසා දැන් ලංකාවට භූ කම්පන සිදුවීමේ ප්‍රවණතාවයක් ඇති බවයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මෙහිදි සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ මෙරට ආශ්‍රිතව භූ චලන 09ක් වාර්තා වී ඇති බවයි.

එම කාර්යාංශය සඳහන් කළේ මාස 04 ක් වැනි කාලයක් තුළ මෙවැනි භු චලන 09 මෙරටින් වාර්තා වූයේ පළමු වරට බවයි.

ඉන් භූ චලන බහුතරයක් රට අභ්‍යන්තරයේ සිදුව ඇති අතර සෙසු භූ චලන මෙරට මුහුදු තීරයේ සිදුවිය.

Related posts

සාමාන්‍ය පෙළ අසමත් නියෝජ්‍ය පොලිස්පති අහුවෙයි – සහතිකත් හොරට හදලා

colombotoday

ඡන්දෙ කල් දාල නැහැ.. කල් දාන්න ඡන්දයක් නැහැ.(video)

Admin

දින 100 වැඩපිළිවෙල හැදුවේ මෛත්‍රීගේ එකගතාවයෙන් – ජයම්පතී වික්‍රමරත්න

colombotoday

මැතිසබයේ කමිටු ගැන කිරිඇල්ල කතානායකට පැමිණිලි කරන්න යයි

Admin

ඉන්ධන සඟවන පිරවුම්හල් සොයා මෙහෙයුම්

colombotoday

මහින්ද – බැසිල්ට විදෙස්ගත වීම තහනම්

colombotoday