Colombo Today Local News

කැනඩාවේන් එවූ කෝටි 8 කට අධික කුෂ් රේගුව අල්ලයි

රුපියල් කෝටි 8 කට අධික වටිනාකමින් යුත් කැනඩාවේ සිට එවූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12ක පමණ තොගයක් පෑලියගොඩ පිහිටි කාගෝ ආයතනයකදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

කැනඩාවේ පදිංචි පුද්ගලයෙක් පෑලියගොඩ පිහිටි කාගෝ ආයතනයක් හරහා යාපනයේ පදිංචි පුද්ගලයෙක් වෙත එවා තිබූ භාණ්ඩ අඩංගු ලී පෙට්ටි 2ක් රේගු නිලධාරීන් පරික්ෂා කිරීමේදී එම ලී පෙට්ටිවල ව්‍යාජ පතුල් 2ක් සාදා එහි සූක්ෂම ලෙස සඟවා තිබූ කුෂ් නැමති මත්ද්‍රව්‍ය කිලෝග්රෑම් 12ක් සොයාගත් බවත් එම කුෂ් මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 24ක් ලෙස සකස් කර තිබූ බවත් රේගු සඳහන් කරයි.

මෙම භාණ්ඩ රේගුවෙන් නිදහස් කරගැනීම සඳහා භාණ්ඩ හිමිකරු බලය පැවරූ වාප්පු ලිපිකරුවෙක් මත්ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගත් බව කී රේගුව සඳහන් කරන්නේ, මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 84 පමණ වන බවත්ය.

Related posts

සන්ධානයේ හිටපු පා.ම. දයාශ්‍රිත තිසේරා සජබට එක්වෙයි

Admin

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ගැන විවාදය අද

Admin

තර්ජනයක් විය හැකි විශාල ගස් ඉවත් කරන්න පියවර

Admin

සයිටම් හොර උපාධි කඩයක් කිවුවේ උපාධි හොරෙක්

Admin

ප්‍රභූන් පිරිසක් කොරෝනා චීන එන්නතක් විද ගනී.

colombotoday

ජනපතිගේ අලුත් අවුරුදු පණිවුඩය

colombotoday