Colombo Today Local NewsUncategorized

ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිරතුරු දෙවිඳුන් යදින බව පාප් තුමා කාදිනල්ට දන්වයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිදුකරන සියලු කාර්‍යයන් වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවට දන්වමින් පාප් තුමා තමන් වෙත වෙත සිය අත් අකුරින්ම ලිපියක් එවා ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඊයේ (23) පැවසුවාය.

ශ්‍රී ලංකාවේ සිදුවන කණගාටුදායක ක්‍රියාදාමයන් පිළිබඳව දැඩි ලෙස අවධානයෙන් පසුවන බවටත්, ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිරතුරු දෙවිඳුන් යදින බවටත්, ෆ්‍රැන්සිස් පාප් තුමා එහි සඳහන් කර ඇතැයි කාදිනල්තුමා සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරයට ජාත්‍යන්තර සහය ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් යොමුකළ ලිපියට පිළිතුරක් ලෙස පාප්තුමා මෙම ලිපිය එවා ඇත.

කාදිනල්තුමන් මේ බව පැවසුවේ “පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික යුක්ති සංසදය” සංවිධානය කළ දෙවන දැනුවත් කිරීමේ වැඩසටහනේදී අදහස් දක්වමිනි.

Related posts

“ෆෙඩරල් වචනය නැතිවුණාට ෆෙඩරල් වීමට අවශ්‍ය සියලුදේ අලුත් ව්‍යවස්ථාවේ තියනවා“ – TNA

colombotoday

අවුරුදු හතරක දැරියට පහරදුන් මව සහ අනියම් සැමියා අත්අඩංගුවට

Admin

න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තැබීමට අනුමැතිය

Admin

සරසවි යළි විවෘත කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

colombotoday

ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව වැඩි කරන්න යයි

colombotoday

හයිබ්‍රිඩ් නෑ. පුංචි ඡන්දය කොට්ඨාස ක්‍රමයට

colombotoday