Colombo Today Local News

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරයි

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට අදට(21) වසර 4කි.

පාස්කු ප්‍රහාරයෙන් මෙලොව හැර ගිය පිරිස් සිහි කරමින් දිවයිනේ දේවස්ථාන රැසකදී දේව මෙහෙයන් සංවිධාන කර ඇත.

2019 අද වැනි දිනක මෙරට අඳුරු වළාවකින් වැසී ගියේ පාස්කු ඉරිදාව සමරමින් දේවස්ථානවල දේව මෙහෙයන්ට සහභාගි වූ කතෝලික ජනතාව ඉලක්ක කර එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ය.

මෙරට දේවස්ථාන 3ක් ඇතුළු කොළඹ හෝටල් හා අවන්හල් 7කට එදින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 269 කි.

තවත් පිරිසක් ආබාධිතයින් බවට පත් වූයේ එම අමිහිරි මතකයන් යළි යළිත් අප ඉදිරියේ මවාපාමින් ය.

පාස්කු ප්‍රහාරය එල්ල වී අදට වසර හතරක් සපිරුණ ද ඊට වගකිව යුත්තන්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැහැ.

ප්‍රහාරයට වගකිවයුත්තට එරෙහිව නීතීය ක්‍රියාත්මක නොවීමට විරෝධය පළ කරමින් අද(21) උදෑසන මීගමුව කොළඹ මාර්ගය දෙපස ජන පවුරක් නිර්මාණය කරන බව කොළඹ අගරුදගුරු පදවියේ ජාතික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කරයි.

මේ අතර, පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර 4ක් සම්පූර්ණ විමට සමගාමීව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයෙන් ආරම්භ වූ පා ගමන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය කරා මේ වනවිට ළඟා වෙමින් පවතී.

මෙය නම් කර ඇත්තේ, සත්‍ය හා යුක්තිය සොයා අබ්බා පියාණන් වහන්සේට මොර ගසන යැඳුමේ පා ගමන ලෙසයි.

Related posts

රණවිරු දඩයමට එරෙහි රණවිරු පාගමන අම්බලන්තොටට

colombotoday

ඕනෑ ගොනකුට උසස් අධ්‍යාපන ඇමැතිකම කරන්නට බෑ – විමල්

colombotoday

මහනුවර නව රථවාහන සැලසුමට එරෙහි හෙන්චයියන්ට විරුද්ධව අධිකරණය දුන් නියෝගය මෙන්න

colombotoday

ප්‍රා. සභා මන්ත්‍රීවරියක් ග්‍රාම නිලධාරීවරියක් සමග සහන මල්ලට කෙහෙවලු පටල ගනී | ග්‍රාම නිලධාරිනිය රෝහල් ගත වෙයි

colombotoday

ගාලු මැයි රැළියට නොඑන ශ්‍රීලනිප සංවිධායකයන්ට මඩු වල්ගෙන් තලන්න යයි !

colombotoday

සතොස භාණ්ඩ 10ක මිල තවත් අඩු කරයි

Admin