Colombo Today Local News

පාස්කු ප්‍රහාරය පිටුපස රහස් න්‍යාය පත්‍රයක් තියනවා… බලයට ආ විගස පාස්කු වින්දිතයන්ට යුක්තිය ලබා දෙනවා – විපක්ෂ නායක කියයි

වසර 4ක් ගත වී ඇතත් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට කිසිම විසදුමක් නොලැබුන බවත් මේ මොහොත වන විටත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

පාස්කු ප්‍රහාරය පිටුපස රහස් න්‍යාය පත්‍රයක් ඇති බවත් එය සඟවා තැබීමට කිසියම් පාර්ශ්වයක් කටයුතු කරන බවත් විපක්ෂ නායක වරයා ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට යුක්තිය ඉටු නොවූ බවත් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කීවේය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වන පර්යේෂණ කටයුතු සඳහා විවිධ ඇගිලි ගැසීම් පවතිව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය බලයට පත් වූ විගස ස්වාධීන පරීක්ෂණයක් හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට සහ පාර්ශ්ව කරුවන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන බවත් ප්‍රේමදාස මහතා කීවේය.

ස්වාධීන දේශීය හා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වා සිදු කරන මේ ක්‍රියාවලියේ දී ඊට සම්බන්ධ කිසිදු පුද්ගලයකුට ගැලවීමට ඉඩ ලබා නොදෙන බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

Related posts

පොලිස් කොමිසම පොලිස්පතිගේ නිර්දේශ විසිකර දමයි – එෆ්සීඅයිඩී ලොක්කා විශ්‍රාම ගන්වයි

colombotoday

නයන වාසලතිලක මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Admin

මධූෂ් සමග ඇල්ලූ තවත් හයක් මෙරටට පිටුවහල් කෙරේ…

colombotoday

තමිල්නාඩුවෙන් ආ පාස්ටර්වරයෙක් බුද්ධාගමට අපහාස කරමින් රටපුරා දේශනවල… කල්මුනේ දේශනයට පොලිසියෙන් අවසර…

colombotoday

අගමැතිට පක්ෂ වීමට දෙමළ සන්ධානය දාපු කොන්දේසි 10 මෙන්න

colombotoday

සිරිකොත colomboToday ගැන CIDයෙන් අහන්න යයි !

colombotoday