Colombo Today Local News

පොලිසිය පරිහරණයට කරන යාපනයේ ගොඩනැඟිලි හැකි ඉක්‌මනින් ආපසු දෙන්න – උතුරු ප්‍රධාන අමාත්‍ය

පොලිසිය විසින් භාවිතයට ගෙන තිබෙන යාපනය ඇතුළු උතුරු පළාතේ රජයේ ගොඩනැඟිලි, පාසල් හා මහජනයාට අයත් නිවාස හැකි ඉක්‌මනින් නිදහස්‌ කොට ඒවා අයත් පිරිසට ලබාදීමට පියවර ගන්නා මෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා පොලිසියෙන් ඉල්ලීමක්‌ කොට තිබේ.

ප්‍රධාන අමාත්‍යවරයා මෙම ඉල්ලීම කොට ඇත්තේ උතුරු පළාත් සභා ශ්‍රවණාගාරයේදී යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදීය.

උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රොෂාන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් මේ සාකච්ඡාවට සහභාගි වී තිබේ.

යුද හමුදාව විසින් කාලයක්‌ම භාවිත කළ යාපනයේ කන්කසන්තුරේ නඩේස්‌වරා විද්‍යාලයේ ගොඩනැඟිලි හා ළිං මේ වන විට භාරදී ඇති බව ප්‍රකාශ කොට ඇති ප්‍රධාන අමාත්‍යවරයා තවත් රජයේ ගොඩනැඟිලි ඇතුළු මහජනතාවට අයත් නිවාස ආරක්‍ෂක අංශ විසින් භාවිත කරන බව පෙන්වා දී තිබේ.

උතුරේ නීතිය හා සාමය ඉතා හොඳින් පවත්වාගෙන යැමට පොලිසිය දක්‌වන උනන්දුව මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයා විසින් ඇගයීමට ලක්‌කොට ඇති අතර, දිවයිනේ සෙසු පළාත්වලට වඩා උතුරු පළාතේ සිදු කිරීමට ඇති පොලිස්‌ රාජකාරි ඉතා විශාල බවද පවසා ඇත.

උතුරේ සියලුම දේශපාලනඥයන්ගේ ආරක්‍ෂාවට යොදවා සිටින පොලිස්‌ නිලධාරීන් ද විශාල මෙහෙයක්‌ ඉටුකරන බව ප්‍රකාශ කොට ඇති සී. වී. විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා එම නිලධාරීන්ගෙන් බහුතරය සිංහල නිලධාරීන් බවද පවසා ඇත.

Related posts

ගංවතුර බැස යයි.. වංසගත එයි! ප්‍රවේශම්වන්න

colombotoday

හල්දුම්මුල ප්‍රාදේශීය ලේකම් වරයා අත්අඩංගුවට

colombotoday

“මම 12 වසර දක්වා ඉගෙනගත්තා.. මට ඉස්සන් ගොවිපළක් තියනවා” – සුදුසුකම් ගැන මන්ත්‍රීලා කතා කරයි

colombotoday

සෞඛ්‍ය වෘත්තිය සමිති 17ක් සංකේත වැඩ වර්ජනය අරඹයි

colombotoday

ටෙලිකොම් ආයතනයට අතුරු තහනමක්

colombotoday

කළුතර සුසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

Admin