Colombo Today Local News

උදැල්ලු පහරකින් පුද්ගලයෙක් මරුට… කාන්තාවකටත් බරපතළයි

කුඹුරු යායකදී පහරකෑමකට ලක්වූ කාන්තාවක් සහ පුද්ගලයෙකු අතරින් පිරිමි පුද්ගලයා මියගොස් කාන්තාව බරපතළ තුවාල ලබා තිබේ.

මරණයට පත්වී ඇත්තේ 72 හැවිරිදි පුද්ගලයෙකු වන අතර තුවාල ලබා ඇත්තේ මියගිය පුද්ගලයාගේ 65 හැවිරිදි බිරිඳ ය.

කුඹුරු ඉඩම් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් උදැල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති අතර පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

තුවාලකරුවන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයා මියගොස් තිබූ බව පොලීසිය සඳහන් කරයි.

කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට මාරුකර යවා තිබේ.

ගල්නෑව පොලිස් වසමේ හෙලබදුගම ප්‍රදේශයේ කුඹුරු යායකදී ඊයේ (19) සවස් කාලයේදී මෙම සිද්ධිය ඇතිවී තිබුණි.

Related posts

නීතිඥ සංගමයේ අයථා මුදල් පරිහරණය ගැන විමර්ශන ඇරැඹෙයි

Admin

ප්‍රධාන ජලාශ 73හි ජල මට්ටම සීග්‍රයෙන් ඉහළට – ජලාශ 18ක් වාන්මට්ටමේ

Admin

අද සෞඛ්‍ය වර්ජනයට පරිපූරක වෘත්තිකයෝ නැහැ

colombotoday

“ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවති රටේ ආර්ථිකය ඊනියා අරගලකරුවන් විනාශ කළා”

colombotoday

නිමල් බෝපගේ සහ ලලිත් ද සිල්වා ජනාධිපති කාර්යාලයෙන් දොට්ට දමයි

colombotoday

මහින්දගේ වාර්තාව ජනපතිට

colombotoday