Colombo Today Local News

දිස්ත්‍රික්ක 08 කට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 08 කට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුරාධපුර, කුරුණෑගල, කිලිනොච්චි, වව්නියා, මුලතිව්, මන්නාරම, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලාත්මක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ අවධානය යොමු කිරීම වැනි ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බවයි.

අධික වෙහෙසකාරි කටයුතු සීමා කරන ලෙසත්, කුඩා ළමුන් වාහන තුළ තනිවම රඳවා නොයන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Related posts

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පරීක්ෂණ ප්‍රතිඵල රහිත වනු ඇතැයි සැකයි – මැල්කම් රංජිත් කාදිනල් තුමා පවසයි.

colombotoday

රත්‍රන් තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අල්ලයි

Admin

හඩ පටයෙන් සියල්ල හෙළි වේ… ගිං-නිල්වලා ව්‍යාපෘතියේ ඇමති දෙපළකගේ සුපිරි ගැහිල්ලක් එළියට…

colombotoday

සිසුන්ගේ ආරවුල විසදුවාට ගුරුවරුන්ට හිමිවූ ත්‍යාගය

Admin

අවුරුදු 103ක් ආයු වළදා අමරපුර මහා නාහිමියෝ අපවත් වෙති

colombotoday

දේපොළවලට හානි කිරීමෙන් වළකින්න – ආරක්ෂක ලේකම් ජනතාවගෙන් ඉල්ලයි

colombotoday