World

කෘතීම බුද්ධිය මානව ශිෂ්ටත්වය විනාශ කරනවා – Elon Musk අනතුරු අඟවයි

කෘතීම බුද්ධිය මානව ශිෂ්ටත්වය විනාශයට හේතු විය හැකි බව Elon Musk පවසයි.

Elon Musk ට අයත් බොහෝ සමාගම් කෘතීම බුද්ධිය වර්ධනයට සම්බන්ධ වී සිටියදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙලෙස අදහස් පළකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

AI නොහොත් කෘතීම බුද්ධිය, වැරදි ලෙස කළමනාකරණය හා සැලසුම් කරන ලද ගුවන් යානා හා මෝටර් රථ නිෂ්පාදනය කිරීමට වඩා භයානක බව ඔහු පවසා තිබේ.

ගූගල් සහ මයික්‍රොසොෆ්ට් වැනි තාක්ෂණික දැවැන්තයින් ඇතුළු සාමාන්‍ය පාරිභෝගික භාවිතය සඳහා AI නිෂ්පාදන බහුල වීම මධ්‍යයේ Elon Musk කෘතීම බුද්ධියේ අන්තරායන් පිළිබඳව මෑතකදී නැවත නැවතත් අනතුරු අඟවා තිබේ.

AI සංවර්ධනයට මාස හයක විරාමයක් ඉල්ලා විවෘත ලිපියක් අත්සන් කිරීමට Elon Musk පසුගිය මාසයේදී වෙනත් තාක්ෂණික සමාගම්වල නායකයින් කණ්ඩායමක් සමඟ එක් වී තිබේ.

කෘතීම බුද්ධිය යනු යම් පාලන මට්ටමක තිබිය යුතු තාක්ෂණයක් වන අතර එය සංවර්ධනය වෙමින් පවතින කාලයේදීම ඒ සඳහා රජයන් එක්ව යම් යම් රෙගුලාසි පැනවිය විය යුතු බව ඔහු පවසා ඇත.

කෘතිම බුද්ධිය වර්ධනය අවසන් වීමෙන් පසුව රෙගුලාසි පැනවීම නිෂ්ඵල ක්‍රියාවක් වන බව Elon Musk පැවසූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

“සුනඛයෙක් බුරනව වගේ ඇහුනා.. අපි බය නෑ” – ට්‍රම්ප්ගේ තර්ජණයට කිම් ජොංගෙන් සැර ප්‍රතිචාර

colombotoday

දකුණු කොරියාවට විපක්ෂයෙන් අලුත් ජනපතිවරයෙක්

colombotoday

ඔස්ට්‍රේලියාවේ සිර කඳවුරක මී වසංගතයක්

colombotoday

ඉලක්කය ෂියා මුස්ලිම්වරුන්.. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම ISIS බාර ගනියි.

colombotoday

ප්‍රංශයේ පාසල් දරුවන්ට අබාය තහනම් කෙරේ…

Admin

කොවිඩ් පතුරනවයි කියමින් බල්ලෝ මරලා

colombotoday