Colombo Today Local News

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනපතිගෙන් නිවේදනයක්

විදුලි බලය, ඛණිජ තෙල්, තැපැල් සහ සෞඛ්‍ය සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ජනාධිපතිවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව විදුලි බල සැපයීම සම්බන්ධව සියලුම සේවාවන්, ඛණිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, තැපැල් සේවය, රෝහල්වල, සාත්තු නිවාසවල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

සමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සහ එකී සේවාවට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා විසින් එම නියෝගය නිකුත් කර තිබේ.

Related posts

ඉස්ලාම් හදවත සමීපයටම ප්‍රහාරයක්.. සෞදියේ මදීනා මහ පල්ලිය අසලදී ත්‍රස්තයෙක් මරාගෙන මැරෙයි

colombotoday

ගම්මන්පිල ප්‍රශ්න කරන්න කැඳවන්න

Admin

මහලේකම් ධුරයෙන් දයාසිරි නෙරපයි

Admin

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රීයේ සිට තහනම්

Admin

රාජාංගනයේ සද්ධා රතන හිමි CID අත්අඩංගුවට

Admin

ගුරු – විදුහල්පතිවරුන්ට නිල හැඳුනුම්පතක්

colombotoday