රජය විසින් පනවා ඇති උපයන විට අය කරන බදු ප්‍රතිපත්තියට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ආරම්භ කර තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඒ අනුව, එළඹෙන 17 වනදා සිට ආචාර්යවරුන් සුපුරුදු පරිදි රාජකාරී ආරම්භ කරන බව එම සමිති සම්මේලනය පවසයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ ඉකුත් මාර්තු 9 වැනිදාය.