Colombo Today Local News

වගාව රැක ගන්න ගිය තිදරු පියාට අත් වූ ඉරනම

මහකුඹුක්කඩවල කිවුල තරුණ ව්‍යාපාරයෙ දරුවන් තිදෙනෙකුගේ පියකු තම වගාව ඉත්තෑවන්ගෙන් ආරක්ෂා කර ගැනිමට යොදා තිබු විදුලි කම්බියක පැටලි විදුලි සැර වැදිමෙන් මරණයට පත්ව තිබේ.

මෙසේ මරණයට පත්වි ඇත්තේ කිවුල තරුණ ව්‍යාපාරයෙ පදිංචි 66 හැවිරිදි බි.එම්.ජයසෝම නැමති අයෙක් බව මහකුඹුක්කඩවල පොලිසිය පවසයි.

අක්කර පහකට ආසන්න ඉඩමක වගා කටයුතු කර ඇති මෙම තැනැත්තා එම ඉඩම තුළ වු අක්කර කාලකට ආසන්න ප්‍රමානයන වගාකර තිබු එළවළු ඇතුළු දෑ ආරක්ෂා කර ගැනිම සදහා නිවසේ සිට අදින ලද විදුලි රැහැනක පැටලිමේන් මරණයට පත්වි ඇති බව පොලිසිය කියයි.

ඉත්තෑවන් ඇතුළු වන සතුන්ගෙන් දිගින් දිගටම වගාවට සිදුවන හානිය ඉවසා ගත නොහැකිව ඉතා අකමැත්තේන් මෙම විදුලි රැහැන යොදා තිබු බවත් එය අලුයම ඉවත් කිරීමට අමතක විමේන් පසු ඒ හරහා ගමන් කරමින් සිටියදී එකවර විදුලි සැර වැදි ඇත.

මෙම සිදුවිමට මුහුණ පෑ තැනැත්තා තම බිරිද සමග අලුත් අවුරුද්දට අවශ්‍ය කළමනා රැගෙන ඒමට මදුරන්කුලියට යාමට සුදානම් වි එය මදකට ප්‍රමාද කර ඉඩමේ වැඩක නිරතව සිටියදී මෙසේ ඔහු යෙදු විදුලි රැහැනේ පැටලි ඇති බව කියයි.

සිද්දිය සම්බන්ධව මහකුඹුක්කඩවල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක මායා රන්ජන් මහතාගෙ උපදෙස් මත විමර්ශණ කටයුතු අරඹා ඇති බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

නැවක් එන තුරු බස් ධාවනය සීමා වෙයි

colombotoday

ඕමන්තේ මුරපොළ ඉවත් කරගැනීමට එකග වේ.. අක්කර 20ක් මුදාහරී !

colombotoday

පොහොට්ටුව සහ ශ්‍රිනිප දීගය හරිගියහොත් ගෝඨා ජනපති, මහින්ද අගමැති, මෛතී‍්‍ර කථානායක

colombotoday

“සමෘද්ධි ව්‍යාපාරය මහ බැංකුවට පවරාගන්න ඉඩ තියන්නේ නැහැ” – ශාන්ත බණ්ඩාර

colombotoday

දයාසිරි සුසන්තිකාට ඉන්ටර්නැෂනල් වැඩක් දෙයි !

colombotoday

බස් ගාස්තු 2.23%කින් පහතට

colombotoday