Colombo Today Local News

ලිංගික අතවර කරමින් ගබ්සා කළ කොස්තාපල්වරයෙක් මාට්ටු

කාන්තාවන්ට ගබ්සා කිරීමේ මුවාවෙන් ලිංගික අතවර ද කරමින් ගබ්සා කිරීම කළ පොලිස් කොස්තාපල්වරයකු අද (11)දින අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහු පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ රාජකාරි කරන රියදුරු කොස්තාපල්වරයකු බවත් පැවසේ.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා ඇතුළු නිළධාරීන් පිරිසක් පොලිස් කාන්තාවක සහ සැරයන් වරයකු ප්‍රේමවන්තයන් අන්දමින් උපාය දූතයන් ලෙස යොදා වැටලීම සිදුකර තිබේ.

සැකකරු වෙස්ගැන්වුන පොලිස් ප්‍රේමවන්ත යුවලක් ගබ්සා කිරීම සදහා හොරණ පොකුණුවිට ප්‍රදේශයේ හෝටලයක ගෙන්වා කාමරයක් වෙන්කර ගැනීමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වැටලීමට එක්වූ නිළධාරීයෙක් පවසයි.

රුපියල් තිස්දහසක මුදලක් අයකර කාන්තාවගේ ශරීරයට බෙහෙත් පෙති තුනක් ඇතුල්කර ගබ්සා කිරීම සිදුකරන බවට සැකකරු ප්‍රකාශ කර ඇතැයිද පොලිසිය පවසයි.

Related posts

17 පෙම්වතාගේ කලින් පෙම්වතිය එක්ක පෝට් සිටි සංගීතයට ආ කෝටිපති ව්‍යාපාරිකයාට පහර දී මරා දාලා…

Admin

මධ්‍යම පරිසර අධිකාරියේ ටෙන්ඩර් මගඩියක් නිසා විශාල පාඩුවක්…!

colombotoday

කුරුණෑගල නගරාධිපතිට එරෙහි වරෙන්තු තීරණය හෙට

colombotoday

“තවත් සතියක් හෝ දෙකක් මුළු රටම අගුළු දමන්න” – රනිල්ගෙන් ඉල්ලීමක්

colombotoday

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

ලංකා විදුලි පුද්ගලික සමාගමට (LECO) හොර පාරෙන් කළමනාකරණ සහකරුවන් බදවා ගැනීමේ සූදානමක්.

colombotoday