World

කොවිඩ් ප්‍රතිදේහවලින් පාලනය කිරීමට අපහසු නව ප්‍රභේදය

කොවිඩ් ප්‍රතිදේහවලින් පාලනය කිරීමට අපහසු නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳව අමෙරිකාවේ අවධානය යොමුවී තිබේ.

R පොයින්ට් වන් (R.1) නම් එම නව ප්‍රභේදය පළමුවරට හඳුනාගෙන තිබුණේ ජපානයෙනි.

එම ප්‍රභේදයම ආසාදිත වූ පුද්ගලයින් 45දෙනෙකු අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ සාත්තු සේවා මධ්‍යස්ථානයකින් හඳුනාගැනීමත් සමග අමෙරිකාවේ අවධානය ඒ වෙත යොමුවී තිබුණි.

අදාළ නව ප්‍රභේදය සතුව ව්‍යාප්තවීමේ, ගුණනයවීමේ සහ ප්‍රතිශක්තීකරණය අභිබවායාමේ කැපීපෙනෙන විකෘතීන් වර්ධනයවී ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් R පොයින්ට් වන් ප්‍රභේදය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.

මේ අතර 2019 වසරේ සැප්තැම්බර් මාසයේ පටන් කොවිඩ්කාරක වෛරසය අමෙරිකාව තුළ පැතිරෙමින් තිබූ බවට චීනය පවසයි.

ඔවුන්ට අනුව මෙම අනාවරණය සිදුකරගෙන ඇත්තේ, කොවිඩ් වසංගතයේ ආරම්භය සොයා චීන විද්‍යා ඇකඩමියේ මැදිහත්වීමෙන් අමෙරිකාව, ස්පාඤ්ඤය, ප්‍රංශය, ඉතාලිය සහ බ්‍රසීලය යන රටවල සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසය.

ඊට අනුව කොවිඩ් වෛරසය චීනයේ වූහාන් නගරයේ පැතිරගොස් ඇත්තේ ඉන් පසුවය.

ගෙවුණු දිනයේදීත් ලොව වැඩිම ආසාදිතයින් 130,000 ඉක්මවා වාර්තාවී ඇත්තේ අමෙරිකාවෙනි.

ඊයේ එරට කොවිඩ් ආශ්‍රිත මරණ 2,212ක් වාර්තාවීමත් සමග එරට කොවිඩ් මරණ හත් ලක්ෂයට ආසන්න වී තිබේ.

ගෝලීය වශයෙන් මෙතෙක් වාර්තාවී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 23 කෝටි 08 ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර, ලොව පුරා සිදුවූ සමස්ත කොවිඩ් මරණ 47 ලක්ෂ 31 දහසට අධිකය.

Related posts

යුරෝපයේ කොවිඩ් මරණ තවත් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයන් අනතුරු ඇඟවයි

colombotoday

රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් ඉන්දීය සිසුවෙක් මරුට. අවසන් වරට ඇය තැබූ ට්විටර් පණිවිඩය මෙන්න

colombotoday

පිලිපීනයේ මගී නෞකාවක් ගිනි ගනී

Admin

පැය 12ක් තුළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් 714 ක් මිය ගිහින්

Admin

රතු මුහුදේදී අමෙරිකානු නෞකාවකට හූති කැරළිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර

Admin

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු කොරෝනා වලට බිලි වෙයි

colombotoday