World

රුසියාවෙන් යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට මිසයිල ප්‍රහාර

රුසියාව යුක්‍රේනය හරහා උතුරේ Kharkiv සිට දකුණේ Odesa සහ බටහිරින් Zhytomyr දක්වා ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Kharkiv සහ Odesa හි නේවාසික ගොඩනැගිලි සහ යටිතල පහසුකම් වලට හානි සිදුවී ඇති අතර ප්‍රදේශ කිහිපයක විදුලියද විසන්ධි වී ඇත.

මේ අතර එක්සත් ජනපද බුද්ධි අංශ ප්‍රධානියෙකු පවසා තිබෙන්නේ, යුද්ධය තවත් වසර ගණනාවක් පැවතිය හැකි බවයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය ආක්‍රමණය දියත් කළේ මීට වසරකට පමණ පෙරයි.

එතැන් සිට සටන්කරුවන් සහ සිවිල් වැසියන් දස දහස් ගණනක් මිය ගොස් හෝ තුවාල ලබා ඇති අතර මිලියන ගණනක් යුක්‍රේනියානුවන් සරණාගතයින් බවට පත්ව තිබේ.

මිසයිල ප්‍රහාරයක් ඔඩේසා වරාය නගරයේ බලශක්ති මධ්‍යස්ථානයකට එල්ල වීමෙන් පසු විදුලිය විසන්ධි කිරීමට හේතු වූ බවයි එහි ආණ්ඩුකාර මැක්සිම් මාර්චෙන්කෝ පවසයි.

නේවාසික ප්‍රදේශවලට හානි සිදුව ඇති නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවද ඔහු වැඩිදුරටත් පවසයි.

එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂ Avril Haines පවසන්නේ ජනාධිපති පුටින් වසර ගණනාවක් යුද්ධය ඇදගෙන යාමට සැලසුම් කරන නමුත් නව ප්‍රහාර දියත් කිරීමට තරම් රුසියාව ශක්තිමත් නොවන බවයි.

Related posts

‘මරණයේ නගරයෙන්‘ ට්‍රම්ප්ට ලිපියක් !

colombotoday

ඇමරිකාවේ මුස්ලිම් පූජකයෙක් මහමගදී වෙඩි තබා මරයි

colombotoday

විනාඩි 25කදී ගාසා තීරයට බෝම්බ ප්‍රහාර 122 ක් | පලස්තීන විදේශ ඇමතිගෙන් ජාත්‍යන්තර යුද අධිකරණයට ලිපියක්

colombotoday

සයිප්‍රසයේ භූ කම්පනයක්

colombotoday

බ්‍රිතාන්‍යයේ පළමු කොවිඩ් එන්නත ලැබූ කාන්තාව

colombotoday

තමිල්නාඩු මුල් පුටව ජයලලිතාගේ ළගම හිතවතියට !!

colombotoday