Colombo Today Local News

සාම්පූර්වලින් තවත් අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10ක් අල්ලයි.. දෙමළ, මුස්ලිම් 7ක් දැලේ !

explosiveත්‍රිකුණාමලය මුතූර් හා සාම්පූර් ප්‍රදේශයන්හි නිවාස දෙකක සඟවා තිබූ සී – 4 සහ ටී එන් ටී වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දාහතක්‌ (17 ක්‌) සමඟ පුද්ගලයන් පස්‌දෙනකු ත්‍රිකුණාමලය විශේෂ මෙහෙයුම් ඒකකය හා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය එක්‌ව සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිකුණාමලය විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරක්‌ මත පෙරේදා (8 දා) මුතූර් ප්‍රදේශයේ නිවසක්‌ පරීක්‍ෂා කළ පොලිස්‌ කණ්‌ඩායමක්‌ එම නිවසේ ස්‌ථාන තුනක සඟවා තිබූ සී – 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් හතක්‌ (7 ක්‌) මුලින්ම සොයාගෙන ඇත.

එහිදී එම නිවසේ සිටි පුද්ගලයන් තිදෙනකු ද අත්අඩංගුවට ගත් පොලිසිය ඒ ඔස්‌සේ සිදු කළ වැඩිදුර විමර්ශනවලට අනුව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ ද සහාය ඇතිව සාම්පූර් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ටී එන් ටී වර්ගයේ තවත් අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ දහයක්‌ සමඟ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙමළ හා මුස්‌ලිම් ජාතිකයන් බව පොලිසිය පවසයි. ඔවුන් මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සඟවාගෙන සිටියේ කුමකටද යන්න මෙතෙක්‌ අනාවරණය වී නැත.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් පසුගිය කාලයේ මරාගෙන මැරෙන ප්‍රහාර ඇතුළු විවිධ බිහිසුණු ප්‍රහාර සඳහා බෝම්බ තැනීමට මෙම සී 4 සහ ටී එන් ටී වර්ගයේ පුපුරන ද්‍රව්‍ය යොදාගනු ලැබිණි.

මුතූර් සහ සාම්පූර් ප්‍රදේශවලින් සොයාගනු ලැබූ මෙම පුපුරන ද්‍රව්‍ය තොගය එල් ටී ටී ඊ ය විසින් භාවිත කළ ඒවා බවට සිතිය නොහැකි බව ද පොලිසිය පවසයි.

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සුමිත් එදිරිසිංහ මහතාගේ උපදෙස්‌ මත ත්‍රිකුණාමලය පොලිස්‌ විශේෂ මෙහෙයුම් ඒකකය හා විශේෂ කාර්ය බළකාය එක්‌ව මෙම ප්‍රදේශවල තවත් පුපුරන ද්‍රව්‍ය සඟවා තිබේදැයි සෙවීම සඳහා ඊයේ (9 දා) සවස්‌ වන විට ද මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබිණි.

-දිවයින

Related posts

නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

Admin

ශ්‍රී ලංකාවේ විශේෂ නියෝජිතයෙක් අද ට්‍රම්ප් හමුවෙයි !!

colombotoday

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට යළි අවසර

colombotoday

ශ්‍රී ලංකන් බර තවත් දරන්න බෑ.. තුන් මසක් ඇතුළත වෙන රටකට දී බරෙන් නිදහස් වෙනවා

colombotoday

තවමත් සභාපති හදුන්නෙත්ති.. බැදුම්කර හොරු තීන්දුයි.. COPE වාර්තාව මුද්‍රණයේ.. ජවිපෙන් නිවේදනයක්

colombotoday

16 හැවිරිදි තරුණියක් අතුරුදන්

Admin