Colombo Today Local News

බන්ධනාගාරෙන් පනින්න ගිය රැඳවියෙකු වෙඩි පහරින් මරුට

කෑගල්ල බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ සැකකරුවෙකුට නිලධාරීයෙකු කළ වෙඩි තැබීමකින් ඔහු මියගොස් තිබේ.

මුළුතැන්ගෙයි සේවයට යොදවා සිටි ඔහු අද අලුයම බන්ධනාගාරයෙන් පළා ගොස් ඇති බව පොලිසිය පවසයි.

එය දුටු ආරක්ෂක මුර කුටියේ සිටි බන්ධනාගාර නිලධාරියා සැකකරුට වෙඩි තබා තිබේ.

ඉන් තුවාල ලැබූ ඔහු කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු නඩත්තු නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරයේ පසුවූ බව පොලිසිය සඳහන් කරයි.

Related posts

පාස්කු ප්‍රහාරය ගැන දැනුවත්ව තිබියදී වගකීම් විරහිතව ක්‍රියාකර ඇති කොටුව පොලිස් නිලධාරීන්

colombotoday

ලෝකෙම ඉල්ලන ලංකාවේ මිනී පෙට්ටිය

colombotoday

ජනපති සහ අගමැති හදිසි සාකච්ඡාවක

colombotoday

කැලණිවැලියට නව දුම්රියක්..

Admin

ජනපතිට කල හූනියමක් කැබිතිගොල්ලෑවේ සොහොන් පිටියකින් මතුවෙයි…

colombotoday

සතොසෙන් දෙන පොල් ගෙඩි තුන දවස් දෙකකට කන්න

Admin