Colombo Today Local News

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහ කරන්න චීනය එකඟ වෙයි

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහ කිරීමට චීනය එකඟතාවය දක්වා ඇත.

මෙම එකගතාවය පිළිබඳව ජාත්‍යන්තර අරමුදලට සහ ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසයි.

ශ්‍රී ලංකාවේ ඇති කර ගන්නා ලද ද්වීපාර්ශික ගිවිසුම් වලින් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් චීනයෙන් ලබාගෙන ඇති අතර ජපානය සහ ඉන්දියාව යන රටවලින් ද ණය ලබාගෙන තිබුණි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගනු ලබන වැඩපිළිවෙළ අනුමත කරන බවද එම ප්‍රකාශකයා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩිනමින් ජනතාව දැනුවත් කරනු ඇතැයිද ඒ මහතා පවසයි.

Related posts

හෙරොයින් වෙනුවට ගෙනා මත් කරල් කිලෝ 34ක් අල්ලයි

Admin

දේවානම්පියතිස්ස වුණේ තේවානම්පියතීසන්… ඒ කාලයේ සිංහලයන් හිටියෙ නෑ… විග්නේෂ්වරන් ඉතිහාසය අලුතෙන් ලියයි

colombotoday

ඩොලර් ගෙවා යාල බලන්න අවස්ථාව

Admin

ඉවැන්ජලික ඊළාම් කල්ලියක්, කිලිනොච්චියේ බුද්ධ ප්‍රතිමාවක් විනාශ කරයි !

colombotoday

වියළි මිදි හිස් ඇසුරුම් තුළන් කෝටි 1 1/2ක වියළි කහ මතුවෙයි

colombotoday

රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ…

colombotoday