Colombo Today Local News

මහාචාර්ය චන්දිම ජීවන්දර ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් හය දෙනා අතරට

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් (ප්‍රතිශක්තිකරණවේද විද්‍යාඥයන්) හය දෙනා අතරට තේරීපත්ව සිටියි.

මෙම තරුණ විද්‍යාඥයන් හය දෙනාගෙන් පස් දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන් වන අතර ලාංකික විද්‍යාඥයකු ඒ අතරට තේරී පත්වීම විශේෂත්වයකි.

චන්දිම ජීවන්දර මහතා ලෝකයේ තරුණ විද්‍යාඥයන් හය දෙනා අතරට තෝරා ගනු ලැබ ඇත්තේ බ්‍රිතාන්‍යයේ ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයන්ගේ සංගමය විසිනි.

ප්‍රතිශක්තිකරණ වෛද්‍ය විද්‍යාවේ අනාගතය වෙනුවෙන් කැපවී කටයුතු කරනු ලබන විද්‍යාඥයන් ඇගයීම උදෙසා පවත්වනු ලබන ප්‍රතිශක්තිකරණවේද සම්මාන උළෙලේදී ජීවන්දර මහතා මෙම සම්මානය ලැබීමට නියමිතය.

ප්‍රතිශක්තිකරණවේද සම්මාන උළෙල ලොව පිළිගත් වෛද්‍ය සම්මාන උළෙලක් වන අතර මෙහිදී සම්මාන ලැබීම සඳහා ලෝකය පුරා විද්‍යාඥයෝ තිස් දෙදෙනෙක් කාණ්ඩ හයක් යටතේ තෝරා ගනු ලැබ සිටිති.

සම්මාන උළෙල ලන්ඩන් නුවරදී අප්‍රේල් මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.

මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා කොවිඩ් 19 වයිරසය මෙරට පැතිරීම සම්බන්ධයෙන් පුරෝගාමී පරීක්ෂණ රැසක් සිදු කර ඒ සම්බන්ධයෙන් අලුත් තොරතුරු රැසක් අනාවරණය කරගත් විද්‍යාඥයාය.

Related posts

ජනපති පාර්ලිමේන්තු සභාවට පැමිණෙයි

colombotoday

ඇමතිකම් නැති ඩිලාන් ඇතුළු 05කට අගමැති අලුත් තනතුරු දෙයි

colombotoday

අවුරුද්දකට ලුණු මිල අඩු වෙයි

colombotoday

දවසක් ඇතුලත ආරම්භ කරපු යුනියිටඞ් ෆාමස් ට‍්‍රස්ට් එකවුන්ට් සමාගම පොහොර ගෙන්නුවේ කොහොමද…? විජිත හේරත් අසයි

colombotoday

ළමා දූෂකයන්ට මරණ දඩුවම…

colombotoday

සමන්තුරෙයි අගෝමාරි අම්මාන් කෝවිලට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – Photos

colombotoday