අද(27)දිනයේ සිට කිරි තේ එකක මිල රුපියල් 90 දක්වා අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.
මීට පෙර කිරි තේ එකක් අලෙවි වූයේ රුපියල් 100 ටයි.
අප්‍රේල් මස මුල සිට කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් හා ග්‍රෑම් 400ක මිල රුපියල් 80 කින් පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පෙරේදා සඳහන් කළේ ය.
ඊට සමගාමීව කිරි තේ එකක මිල අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පැවසීය.