World

සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර කාන්තා ඉසව් තරග තහනම් කරයි

ලෝක මලල ක්‍රීඩා සම්මේලනය සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර ඉසව්වල කාන්තා අංශයෙන් තරග කිරීම තහනම් කර තිබේ.

එහි සභාපති සෙබස්තියන් කෝ සාමිවරයා ප්‍රකාශ කර ඇත්තේ, පාලක මණ්ඩලයේ සභාපති කෝ සාමිවරයා පැවසුවේ පිරිමියෙකු ලෙස වැඩිවියට පත් වූ කිසිදු සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවකට මාර්තු 31 වන දා සිට කාන්තා ලෝක ශ්‍රේණිගත කිරීමේ තරග සඳහා සහභාගි වීමට අවසර නොදෙන බව ය.

සංක්‍රාන්ති ලිංගික සුදුසුකම් මාර්ගෝපදේශ පිළිබඳ වැඩිදුර පර්යේෂණ පැවැත්වීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

“අපි සදහට ම එපා කියන්නේ නැහැ,” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.

කාන්තා කාණ්ඩයේ තරග කිරීමට පෙර මාස 12ක කාලයක් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් අඛණ්ඩව ඔවුන්ගේ රුධිරයේ අඩංගු ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය උපරිමය 5nmol/L දක්වා පවත්වා ගෙන එම සීමාවේ රැඳී සිටිය යුතු බවට ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ පෙර පැවති නීතිවලට අනුව අවශ්‍ය විය.

කෝ සාමිවරයා කියා ඇත්තේ, මෙම තීරණය “කාන්තා කාණ්ඩය ආරක්ෂා කිරීම යන පුළුල් මූලධර්මය අනුව ගත් එකක් වන බව ය.

දැනට ජාත්‍යන්තර වශයෙන් මලල ක්‍රීඩා සඳහා තරග කරන සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොමැති බව ද ඔහු සඳහන් කර තිබේ.

Related posts

ආධාර ලබා ගන්න විදෙස් සබඳතා ඇති ඊජිප්තු ජනපතිට තවත් ජනවරමක්

Admin

ISIS ත්‍රස්තවාදීන්ට රටවල් 40කින් මුදල් ලැබෙනවා – රුසියානු ජනපති පුටින්

colombotoday

දිල්ලි නුවරටත් දැනුණු තජිකිස්ථානයේ භූ කම්පනය

colombotoday

රිය අනතුරකින් පුද්ගලයින් 53ක් මරුට

colombotoday

IS ත්‍රස්තයෝ ප්‍රංශයේ කිතුණු පල්ලියකට පනී.. පූජකවරයාගේ ගෙල කපා මරයි !

colombotoday

ප්‍රථම වරට රුසියානු සබ්මැරීන් මගින් ISIS ත්‍රස්තවාදීන්ට දරුණු ප්‍රහාරයක් (Video)

colombotoday