රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට යම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.
පිටතින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබු සරසවි සිසුන් තිදෙනෙක් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඉන් එක් අයෙක් මීගමුව රෝහලට මාරු කර යැවූ බව ද පොලීසිය සඳහන් කරයි.
කෙසේවෙතත් පහරදීම සිදුකළ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පවසයි.