Colombo Today Local News

17 පෙම්වතාගේ කලින් පෙම්වතිය එක්ක පෝට් සිටි සංගීතයට ආ කෝටිපති ව්‍යාපාරිකයාට පහර දී මරා දාලා…

කොළඹ වරාය නගරයේ පවත්වන ලද සංගීත ප්‍රසංගයට සහභාගී වූ 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකුට අතින් පයින් පහර දී ඝාතනය කර තිබේ.

එම සිදුවීම සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයකු කොළඹ වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිදුවීම සම්බන්ධයෙන් තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් තිබේ.

අත්අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයින් අතර කෝටිපති ව්‍යාපාරිකයකුගේ බෑණා කෙනෙකු සිටින බවද හඳුනාගෙන තිබේ.

මෙම පහරදීම සිදුවන ආකාරය අසල කැමරා පරීක්ෂාවෙන් සොයා ගැනීමට හැකි වී ඇත.

මෙම මියගිය තරුණ ව්‍යාපාරිකයා සංගීත ප්‍රසංගයට පැමිණ ඇති බව පැවසෙන්නේ සැකකාර දහහත් හැවිරිදි තරුණයාගේ කලින් පෙම්වතිය සමඟ බව පොලීසිය සඳහන් කරයි.

හිටපු පෙම්වතිය වෙනත් පුද්ගලයකු සමග පැමිණීමෙන් සැකකරු කෝපයට පත්වී මෙම පහරදීම සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

Related posts

එජාප සහ ශ්‍රීලනිප දූෂණ වංචා “රටම ගඳ ගස්සනවා” – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

උතුරු කොරියාවට ශ්‍රී ලංකාවෙන් සම්බාධක.. නියෝග කඩකළොත් වසර 25කට හිරේ !

colombotoday

ආරක්ෂක ප්‍රධානීන් දුර්වල කිරිමේ කුමන්ත්‍රණයක් – එස්.බී. දිසානායක

colombotoday

විජයදාස පාර්ලිමේන්තුව තුළ රැඳීසිටීමට සුදුසු නෑ

colombotoday

රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ගොඩනැගිල්ලකින් ඇඳ වැටී තරුණියක් මරුට

colombotoday

20 විරෝධයක් ගැන තමන්වහන්සේව දැනුවත්ව කර නෑ – රාමඤ්ඤ මහා නිකායේ මහනායක හිමි කියති

colombotoday