ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළ බව සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට විහාරස්ථාන 4කට සූර්ය පැනල සවිකර ඇති බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
ඉන්දිය රජය ඒ සඳහා ඩොලර් මිලියන 10ක පරිත්‍යාගයක් ලබාදී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා පැවසුවේ පළමු අදියරේදී අධ්‍යාපන මධ්‍යස්ථාන පවත්වාගෙන යන සියලු පූජනීය ස්ථානවල සූර්ය පැනල සවිකිරීමට සැලසුම් කර ඇති බවයි.
වසරක් ඇතුළත සියලු ආගමික ස්ථානවලට සූර්ය පැනල සවිකිරිමට සැලසුම් කර ඇති බව විදුර වික්‍රමානයක අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේය.