Colombo Today Local News

වන්දනාකරුවන් මිය ගියේ ආහාර විෂ වීමකින්දැයි සොයා පරීක්ෂණ

පසුගිය දින කිහිපය තුළදී වන්දනා ගමන්වල නිරත වූ බැතිමතුන් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණේ ආහාර විෂ වීමකින් බවට සැක කෙරෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ඊයේ (16)දින පැවසීය.

ආහාර හරහා ලිස්ටීරියා රෝගය වැළඳිය හැකි බව ත් රෝග ලක්ෂණ ලෙස පාචනය, බඩේ අමාරුව, උණ, හිසරදය ඇති විය හැකි අතර අත් සේදීම, ආහාර පිළියෙල කිරීමේදී පිළිපැදිය යුතු නිවැරදි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමෙන් මෙම රෝගයෙන් වැළැකී සිටිය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පිළිවෙත් අනුගමනය කරමින් හැකිතාක් පානීය ජලය උණු කර නිවා ගෙන තම නිවෙසින් රැගෙන ශ්‍රී පාද වන්දනාවේ සහ අනෙකුත් වන්දනා ගමන්වලට සහභාගි වන ලෙස තමා ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය.

එසේම ලිස්ටීරියා රෝගය සම්බන්ධයෙන් මේ දක්වා අවදානම් තත්ත්වයක් පැන නැගී නොමැති බව ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කළේ ය.

මේ වන විට, මෙරටින් ලිස්ටීරියා රෝගය වැළඳුණු එක් රෝගියෙකු පමණක් මියගොස් ඇති බවත් එයට සමාන රෝග ලක්ෂණ සහිත රෝගීන් දෙදෙනෙකු මිය ගොස් ඇති නමුත් ඔවුන් ලිස්ටීරියා රෝගීන් ද යන්න මෙතෙක් කිසිදු තහවුරු කිරීමක් කර නොමැති බව ත් ඔහු පැවසුවේ ය.

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව මෙම සිදුවීම මතු වී තිබෙන බවට සමාජ මාධ්‍ය ජාල හරහා පුවත් සංසරණය වෙමින් පවතින බව ත් එම තොරතුරුවලට අනුව අදාළ ස්ථානය ආශ්‍රිතව පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර තිබේ.

Related posts

අපේක්ෂකයෙක්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඇමරිකානු සහ ඉන්දියානු එම්බසි ඩොලර් මලු තෑගි දෙයි

colombotoday

මවක් මහල් නිවාසයකින් බිමට පනී

Admin

කතරගමදී මිනිසුන් මරන පොලිසියට යාපනයට ගියාම ඉන්න වෙන්නේ කුක්කො වගේ

colombotoday

“එකට කාල බීල හිටපු මුස්ලිම් මැති ඇමතිලා මෙහෙම කරයි කියල හිතුවෙ නෑ…” සිංහල මැති ඇමතිවරුන්ට මරණ බිය දැනෙයි…

colombotoday

අනුරාධපුර නගරය ගෝනිබිල්ලන්ට තහනම් කළාපයක් වෙයි.. යෝජනාව ඒකමතිකව සම්මතයි…

colombotoday

හෙට සිට පාසල් නිවාඩු

colombotoday