Colombo Today Local News

සුබසාධක ගන්න බොරු තොරතුරු දුන්නොත් නඩු

සුබසාධක ප්‍රතිලාභ සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ සමීක්ෂණයට ලබන 31 වැනිදා ට පෙර තොරතුරු ලබා දෙන්නැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ වනවිට ඒ සඳහා තොරතුරු ලබා දී ඇත්තේ ලක්ෂ 11කට ආසන්න පිරිසකගේ බවයි එහි සභාපති බී විජේරත්න මහතා සඳහන් කරන්නේ.

තවත් ලක්ෂ 26ක පිරිසකගේ තොරතුරු සමීක්ෂණ නිලධාරින්ට ලබාදිය යුතුව ඇති බව ඔහු පවසයි.

මේ අතර ඇතැම් පුද්ගලයින් සමික්ෂණ නිලධාරින්ට වැරදි තොරතුරු ලබා දෙන බවටද තොරතුරු වාර්තා වී තිබේ.

එවැනි පුද්ගලයින්ට සමාජ සුබසාධන ප්‍රතිලාභ හිමි නොවන අතර, ඔවුන්ට එරෙහිව අධිකරණය ඉදිරියට ගොස් නීතිය ක්‍රියාත්මක කරන බව සභාපතිවරයා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට සිදුවූ මිලියන 673ක පාඩුවක් කෝප් කමිටුවේදී හෙළි වෙයි.

colombotoday

සුමංගල හිමි ඥාණසාර හිමි සමග උසාවි යයි.. රංජිත් කීර්ති දූෂණ විරෝධයෙන් ඉවත්වෙයි !

colombotoday

හිරු සළකුණෙන්, දෙරණ 360න් එඩිතර සජිත් පැන දුවයි !

colombotoday

කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට අද පැය 15 ක ජල කප්පාදුවක්

colombotoday

අඹුසැමි යුවළකගේ මළසිරුරු වෙළඳසැලකින් හමුවෙයි

Admin

දින 3ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

Admin