Colombo Today Local News

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලමට

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව හලාවත කැදැල්ලෑව ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී උත්සවය පැවැත්වෙනු ඇති.

රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (16)දින බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික නායකයන්, රාජ්‍ය නිලධාරින් හා මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිටියහ.

Related posts

බුකිය කලබපු මුද්දර ගැන තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Admin

facebook පෙමක පැටලනු කන්තලේ තරුණියක් අභිරහස් ලෙස මියයයි

colombotoday

අවි ගබඩාවේ ආරක්ෂාව දුර්වල කරේ කාගේ උවමනාවටද?

colombotoday

නිදහසට කාරණා වැඩක් නෑ… වෙන රටකනම් රොත්ත පිටින්ම ඉල්ලා අස්වෙනවා – ‍ෆොන්සේකා ආණ්ඩුවේ රෙදිපිළි ගලවා දමයි…

colombotoday

මීළඟ පැනිල්ල ඇමති දුමින්දගෙන් ?

colombotoday

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2017

colombotoday