Colombo Today Local News

චීනයෙන් පොලිසියට නිල ඇඳුම්

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු පොලිස් නිල ඇඳුම් රෙදි තොගයක් නිල වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත බාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15)දින ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

එම පරිත්‍යාගයට අදාළ ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන් මහතා විසින් ජනාධිපතිවරයා ඉදිරියේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත බාර දෙනු ලැබීය.

අනතුරුව ජනාධිපතිවරයා එම පරිත්‍යාගය නිරික්ෂණය කිරීමට ද එක් විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

සරසවි සිසුන්ට කදුළුගෑස්, අධිපීඩන ජල ප්‍රහාරයක්…

colombotoday

නළු නිළියන්ට සහ හිතවතුන්ට ක්‍රිකට් මුදල් වියදම් කළේ යැයි ඔප්පු කළොත් අස්වෙනවා – ශම්මි සිල්වා කියයි

Admin

සිවුදෙනකු තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට

Admin

මුතුරාජවෙල තෙත්බිම් කලාපය ගැන අභියාචනාධිකරණයෙන් නීතිපතිවරයාට නියෝගක්

colombotoday

ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළට… පළමු කිලෝමීටරයට රුපියල් 80ක්

colombotoday

කොච්චිකඬේ කෝටිපති යාචකයා දෙමහල් නිවසක් හදයි !

colombotoday