World

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇරඹෙයි..

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී 95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ආරම්භ වී තිබේ.

මෙවර සම්මාන උළෙලේදී වසර 62කට පසු රතු පලස භාවිත නොවීම විශේෂත්වයකි.

මෙවර ෂැම්පේන් වර්ණයෙන් යුත් පලසක් භාවිත කරන බව ඔස්කාර් සංවිධායකයින් පෙන්වා දෙයි

මෙවර සම්මාන උළෙලේ හොඳම සහය නළුවාට හිමි සම්මානය හිමි වුණේ, එවිරිතින්ග් එවිරිවෙයා ඕල් ඇටි වන්ස් (Everything Everywhere All at Once ) හි රංගන දායකත්වය වෙනුවෙන් කී වී ක්වාන්ටයි Ke Huy Quan ය.

එම චිත්‍රපටයේම රංගනය වෙනුවෙන් ජේමී ලී කාර්ටස් හොඳම සහය නිළියට හිමි සම්මානය දිනා ගත්තේ ය.

එම සම්මානය සඳහා ඇය නිර්දේශ වූ පළමු අවස්ථාවේදීම සම්මානය හිමි වීම විශේෂත්වයකි.

මෙවර සම්මාන උළෙලේදී හොඳම වාර්තා චිත්‍රපටය සඳහා හිමි සම්මානය දිනා ගත්තේ, රුසියානු හිටපු විපක්ෂ නායක ඇලෙක්සි නැවැල්නිගේ චරිතාපදානය ඇසුරින් නිර්මාණය වූ නැවැල්නි සිනමා පටයයි.

ඒ සඳහා ඉන්දීය සිනමා පටයක් වන ඔල් දැට් බ්‍රීත්ස් චිත්‍රපටය ද නිර්දේශ වීම විශේෂත්වයකි.

Related posts

කොවැක්සින් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

colombotoday

ට්‍රම්ප්ගේ නියෝගයෙන් පසු.. ටෙක්සාස් හී මුස්ලිම් පල්ලියක් ගිනිබත් වේ (Video)

colombotoday

ලාස් වේගාස් ප්‍රහාරයේ වගකීම ISIS බාරගනී.. ප්‍රහාරකයා මෑතදී ඉස්ලාම් ආගම වැළගත් අයෙක්

colombotoday

රැජිනගේ දේහයට අවසන් ගෞවර දැක්විමට එන රාජ්‍ය නායකයන්ට උපදෙස් මාලාවක්

colombotoday

දකුණු කොරියානු හමුදා ගුවන් යානයක් සුඩානයට

Admin

ත්‍රාසජනක පිම්ම වැරදී යතුරුපැදි ශූරයෙක් මරු දකියි

colombotoday