Colombo Today Local News

පළාත් 4ක රජයේ වෛද්‍ය නිලධාරීන් අද වර්ජනයක…

නව බදු ප්‍රතිපත්තියෙන් පත්ව ඇති පීඩාවට මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව මෙන්ම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණවී සිටී.

බැංකු පොලී අනුපාත පහළ දැමීම මෙන්ම, වැටුප් හා දීමනා ගැටලු විසඳා ගැනීම, එම ඉල්ලීම් අතරට ඇතුළත් ය.

සෞඛ්‍ය, අධ්‍යාපන සේවා, ජල සම්පාදන, විදුලිබල, හෙද, ගුරු සේවා, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක් ඊට එක්ව සිටී.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, චමිල් විජේසිංහ මහතා පැවසුවේ බස්නාහිර ඇතුළු පළාත් 4ක් කේන්ද්‍ර කරගමින් අද(13) උදෑසන 8.00 සිට වැඩවර්ජනයක් ක්‍රියාත්මක බවයි.

අවදානම් කාණ්ඩයේ රෝගීන් සිටින රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක නොවන බව ද ඔහු පවසයි.

මේ අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අද 5 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය දෙන බව ජල සම්පාදන ඒකාබද්ද වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා සඳහන් කරයි.

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සදහන් කරන්නේ තැපැල් වෘත්තීය සමිති ද අද ඊට එක්වන බවයි.

හෙද සේවකයිද 15 වැනිදා වැඩවර්ජනයට එක්වන බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී. මැදිවත්ත මහතා සඳහන් කරයි.

Related posts

“කීවේ ප්‍රජාතන්ත්‍රවාදය දෙනව කියල.. සරසවි සිසුන්ගේ අඩු කඩනවා. ඒ මදිවට හිරෙත් දානව” – ගුරු සංගමය

colombotoday

මෙරට පුරවැසියන්ට සමෘද්ධිය අත් කරදීම සහතික කළ යුතුයි – ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති

Admin

ගාලු කොටුව විකිණීමේ සූදානමක්… පුරාවිද්‍යාවට වහාම ඉවත් වෙන්නැයි දන්වයි

colombotoday

රිෂාඩ්ට පාර්ලිමේන්තු එන්න පසුකම් සලසන්න – පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා CIDයට දන්වයි

colombotoday

පානම වනජීවි කාර්යාලයට පහරදීමක්

colombotoday

අන්‍යාගම්කරණයට ලක් කරන ආගමික මධ්‍යස්ථානවලට එරෙහිව නීතිමය පියවර

Admin