Colombo Today Local News

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කරන්න මුදල් ලබාදීමට බන්දුල එකඟ වෙයි

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනිමට අවශ්‍ය මුදල් ලබාදීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එකඟ වූ බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

සහල්, පරිප්පු, සීනි, අර්තාපල් සහ ලොකු ළුණු ඇතුළු අත්‍යාවශ ආහාර ද්‍රව්‍ය අසුරා ඇති කන්ටේනර් රැසක් වරායේ සිරවී ඇති බවත් කඩිනමින් ඩොලර් නිකුත් කළ හොත් එම භාණ්ඩ නිදහස් කර ගැනිමට හැකි බවත් එම සංගමයේ නියෝජිතයින් අමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් අවශ්‍ය මුදල් ලබා ගැනිම සදහා මහ බැංකු අධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඩොලර් මිලියන 25ක් නිකුත් කිරිමට එකඟතාව පළ කළ බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එම මුදල් නිකුත් කිරිම අද සිට සිදු කිරිමට නියමිතය.

මේ අතර විනිමය අනුපාත ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ පැවසීය.

Related posts

මෝදි ට අනියි කියා බියෙන් වතුකරයේ බඹර වද කඩා ඉවත් කෙරේ..

colombotoday

මුස්ලිම් ඇඳුමින් බස් නැවතුමේ සිටි කාන්තාව මහනුවර පොලිසියේදී පිරිමියෙක් වෙයි

colombotoday

අවුරුදු සමයේ විශේෂ දුම්රිය සටහනක්

Admin

පොහොට්ටුවේ බදුලු රැලියට දිනේෂ්, විමල්, ගම්මන්පිල නෑ !

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකුව දේශපාලනීකරණයෙන් මුදවා ගතයුතුයි විපක්ෂ නායක කියයි

colombotoday

විල්පත්තුව ගැන මට තනි තීරණයක් ගැනීමට බෑ… ජනපති අගමැති සහ ඒ ඇමතිතුමා සමග සාකච්ඡා කළ යුතුයි

colombotoday