Colombo Today Local News

ජනාධිපති මන්දිරයෙන් අරගලකරුවන් සොයා ගත් කෝටි 2ක ගෝඨා ඉල්ලයි

අරගලය පැවැති අවස්ථාවේදී ජනාධිපති මන්දිරයට ගිය අරගලකරුවන් සොයා ගත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදා හරින ලෙසට ඉල්ලා ඔහුගේ නිතීඥවරයා කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08)දින ප්‍රතික්ෂේප කර තිබේ.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනේ 431 වගන්තිට අනුව එම මුදල් සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට පෙර විමසීමක් කිරීම අධිකරණයේ වගකීම බවත්, මෙය මුදල් පිළිබදව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත මෙන්ම අල්ලස් පනත යටතේ විමර්ශනය කිරීමේ හැකියාවක් ඇති බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

එමෙන්ම මෙම මුදල් සම්බන්ධයෙන් වන විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති අතර, අදාළ මුදල පිළිබදව වෙනත් අයකු හිමිකමක් නොකීවද එය මුදා හැරීමේ හැකියාවක් නොමැති බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබේ.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 431 වගන්ති ප්‍රකාරව මෙම මුදල් සදහා වෙනත් පාර්ශ්වයක් හිමිකම් නොකියන බැවින් එය තම සේවාදායකයා වෙත මුදා හරින ලෙසට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ හරිගුප්ත රෝහණධීර මහතා කළ ඉල්ලීම අධිකරණය එලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

Related posts

මධුෂ්ව ගෙන්වා ගන්න මාරපන ඩුබායි යයි…

colombotoday

ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්

Admin

වලපනේ භූ කම්පනයක්

colombotoday

කොරෝනා ව්‍යාප්තිය ගැන රජය ඉදිරිපත් කල සියළු වාර්තා බොරු.. රාජපක්‍ෂ පවුල දින තුනෙන් තුනට කොරෝනා පරීක්‍ෂාවට

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 18 සිට දින 20කට වැසේ…

Admin

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද? – තීරණය අනිද්දා

colombotoday