Colombo Today Local News

මංගලගේ ලේකම් රුවන්, රවී ගිය මඟ යමින් ඉල්ලා අස් වේ !

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වන රුවන් ෆර්ඩිනෑන්ස් මහතා ඉල්ලා අස්වීම සදහා අවසර ඉල්ලමින් ඇමති මංගල සමරවීර වෙත ලිපියක් යවා තිබෙනවා.

ඒ මඩ වෙබ් අඩවියක් ලෙස ප්‍රචලිත, පසුගියදා ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාව තුල තහනම් කරන ලද ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පවත්වාගෙන යන සඳරුවන් සේනාධීර විසින් විදේශීය රේඩියෝ නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනයට රුවන් ෆර්ඩිනෑන්ස් සම්බන්ධයැයි චෝදනා කිරීමෙන් අනතුරුවයි.

එම චෝදනාව පිලිබදව CID පරීක්ෂණයක් ඉල්ලා සිටින රුවන් ෆර්ඩිනෑන්ස් මහතා පරීක්ෂණ අවසන් වන තෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට අමාත්‍යවරයාගෙන් අවසර ඉල්ලා තිබෙනවා.

මීට ඉහතදී කැබිනට් අමත්‍යදුරයක් දරු රවී කරුණානායක මහතාද ඔහුට එල්ලවී තිබු බැඳුම්කර චෝදනා විභාගය අවසන්වෙනතුරු සිය අමාත්‍යංශයෙන් ඉල්ලා අස්විය.

කෙසේවෙතත් ලංකා ඊ නිව්ස් මෙරට නියෝජිත ලෙස කටයුතු කරන තුසිත හල්ලොලුව ද අමාත්‍ය මංගල සමරවීරගේ සමීපතම හිතවතෙකු වන අතර ඔහු යටතේ ඇති ජාතික ලොතරැයි මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.

ඉල්ලා අස්වීමට අවසර ඉල්ලා ලිපිය බාරදුන් රුවන් ෆර්ඩිනෑන්ස් මහතා හිතවතුන් දෙදෙනෙකු සමග ඊයේ රාත්‍රියේ රුසියාව බලා පිටත්ව ගොස් ඇත.

Related posts

සොයිසාගේ පුතා සංස්ථා සභාපතිකමකට පත්කෙරේ !

colombotoday

මම පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තෙ නෑ… මම ශ්‍රීලනිප සාමාජිකයෙක් – මහින්ද

colombotoday

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

තෙල් තොගය ගැන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නිවේදනයක්

colombotoday

වලපනේ තවත් භූ කම්පනයක්

colombotoday

විභාග රාජකාරියේ යෙදෙන නිලධාරීන්ට ප්‍රමුඛතා පදනම මත ඉන්ධන

colombotoday