Colombo Today Local News

දෙරණ ප්‍රවෘත්ති නිවේදිකාව සුදු වෑන් එකකින් පැහැරගෙන.. නිරුවත් කර පින්තූර අරන් මහමග දමා යයි !

පසුගිය සිකුරාදා (19) දිනයේදී දෙරණ රූපවාහිනියේ ප‍්‍රවෘත්ති නිවේදිකාවක් පැහැරගෙන ගොස් නිරුවත් කර ඡායාරූප ගෙන පසුව මහමග අතහැර දමා ගොස් ඇති බවට අදාල නිවේදිකාව විසින්ම පොලීසිය පැමිණිලි කර තිබෙන බව වාර්තා වේ.

දෙරණ රූපවාහිනිය විසින් පවත්වනු ලබන ‘දෙරණ ස්ටාර් සිටි’ තරගයේ පෙරහුරු වැඩසටහනට සහභාගී වී සිටි මෙම නිවේදිකාව අදාල වැඩසටහනේ වැඩසටහන් නිෂ්පාදකයෙකු සමග ඔහුගේ මෝටර් රියෙන් නිවස බලා යද්දී මෙම පැහැර ගැනීම සිදුව ඇති අතර ඒ මහරගම රත්මල්දෙනිය ප‍්‍රදේශයේදීය.

සුදු වෑන් රියකින් පැමිණි පිරිසක් විසින් ගිනි අවි පෙන්වා මෝටර් රියෙන් නිෂ්පාදකයා හා නිවේදකාව බස්සවා වෑන් රියේ නංවාගෙන පැහැරගෙන ගොස් නිරුවත් පින්තූර ගෙන ඇය සතුව තිබූ රන් ආබරණද කොල්ල කා කොට්ටාව දුම්රියපල අසලට ආපසු ගෙන ගොස් දමා තිබෙන බව සඳහන් වේ.

නිවේදිකාව නිරුවත් කර පින්තූර ගෙන ඇත්තේ වැඩසටහන් නිෂ්පාදකයා ඉදිරියේම වන අතර ඔහුගේ මෝටර් රථය මේ වන තෙක් සොයාගෙන නොමැති බවද වාර්තා වේ.

Related posts

බොරැල්ල කිතුල්වත්ත මාර්ගයේ නිවාස කිහිපයක ගින්නක්

colombotoday

නාගානන්ද නයිනටවන වංචා කාරයෙක්. ගාමිණි වියන්ගොඩ කියයි

colombotoday

විග්නේෂ්වරන් අධිකරණයට අපහාස කිරීම.. නඩුව විභාගයට ගන්නවාද, නැද්ද – තීරණය දෙසැම්බරයේ

colombotoday

කසළ තේ කිලෝ 5000ක් කසළ තේ බලකොටුවේදී අල්ලයි.

colombotoday

ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වැටුප පරිත්‍යාග කරයි

colombotoday

මැතිසබයේ කෑම වියදම් කෝටි නවයයි

colombotoday