Colombo Today Local News

එටිසලාට් : සෞදි රජ පවුලේ නෑයෙක් ලංකාවට කැදවයි.. ශ්‍රීපාද මෙහෙයුම තවත් වේගවත් කරයි

saufd5232එක්සත් අරාබි එමීරයේ එටිසලාට් හි වැඩි කොටස් හිමිකාරීත්වයක් ඇති, එහි අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ, මොහොමඩ් බින් සුලේමාන් ශ්‍රී ලංකාවේ ප්‍රධානියා ලෙස පත්ක එවා ඇත. ඔහු සෞදි රජ පවුලේ සමීපතම ඥාතියෙකු වන බවද සදහන්වේ.

ශ්‍රීපාද රක්ෂිත කළාපයේ සිදුකෙරෙන ඉදිකිරීමක් නිසා දැඩි විරෝධයකට ලක්ව සිටින එටිසලාට් හි වෙළදපොල දිනෙන් දින කඩාවැටීමට ලක්වෙමින් පවතින අතර ඒ හේතුවෙන් සමාගමේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු දැඩි අර්බුදයකට ලක්වෙමින් පවතින බව එහි අභ්‍යන්තර තොරතුරු මාර්ග අනාවරණය කරයි.

සමාගමේ මෙහෙයුම් කටයුතු නැවත සක්‍රීය කිරීම සහ සෞදි රජුගේ අරමුදල් මත සිදුවන ශ්‍රීපාද අඩවියේ ඉදිකිරීම් සහ ඉදිරි සැලසුම් වේගවත් කිරීම සදහා සුලේමාන් ලංකාවට එවා ඇති අතර මේ වන විට අදාළ ඉඩමේ නව සම්ප්‍රේශන කුළුනක් ඉදිකිරීමේ කටයුතුද ආරම්භ කර තිබෙන බවට සදහන් වේ.

හෝටලයක් මුවාවෙන් ඉදිකරමින් පවතින්නේ ඉස්ලාමීය මධ්‍යස්ථානයක් බවට මේ වන විට හෙළිදරව්වී ඇති අතර එම ස්ථානය කේන්ද්‍රකරගෙන ශ්‍රීපාද අඩවිය ඉස්ලාම්කරණය කිරීමේ දැවැන්ත මෙහෙයුම මේ වනවිට ආරම්භකර ඇත.

මේ අතර මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සමාගම් ප්‍රධානීන් ඉස්ලාමීය රටවල මෙරට තානාපති කාර්යාල සමගද සාකච්ඡාකර තිබෙන බවට තොරතුරු වාර්තාවන අතර ඒ හරහා රජයට බලපෑම් කර කෙසේ හෝ ශ්‍රීපාද අඩවියේ මෙහෙයුම ඉදිරියට කරගෙන යෑමට අවශ්‍ය සහසුකම් සපයා ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

Related posts

මෙරටට ගෙන්වන කොවිඩ් එන්නත රජය හෙළි කරයි.

colombotoday

2026 විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට

Admin

ඉස්ලාම් අන්තවාදී සංවිධානයකට මුදල් සැපයූ අයෙක් අත්අඩංගුවට

colombotoday

එල්පී ගෑස් රැගත් නෞකාවක් කොළඹ එයි

colombotoday

සත්වෝද්‍යානයේ තවත් සතුන්ට PCR පරීක්‍ෂණ | සේවකයෙක්ටත් කොවිඩ්

colombotoday

රාත්‍රි දුම්රියවල තැපැල් මැදිරි අත්හිටවයි

colombotoday