Colombo Today Local News

“බැඳුම්කර වංචාවෙන් වාර්ෂිකව මිලියන 5200ක ශුද්ධ ලාභයක් රජයට අහිමියි“ – බැසිල්

bazil-rajapakshaමහ බැංකු බැඳුම්කර වංචාව හේතුවෙන් වර්තමානය වන විට රට තුළ පොලී අනුපාතය ඉහළ ගොස් ඇති බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පසුගිය ආණ්ඩු සමයේ රටේ ණය ප්‍රතිශතය 6.2% ක් බව පෙන්වා දෙන ඒ මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව බලයට පත්ව අවුරුද්දක කාලයක් තුළ එම ණය ප්‍රතිශතය 12.35%ක් දක්වා වර්ධනය වූ බවයි.

එමෙන්ම බැංකු ණය, නිවාස ණය හා උකස් කිරීම් යනාදියට මගින් 6%ක්ව තිබූ පොලී අනුපාතිකය 12%ක් දක්වා වර්මන් ආණ්ඩුව මගින් ඉහළ දමා ඇති බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම මෙම බැඳුම්කර වංචාව නිසා වාර්ෂික මිලියන 5200ක ශුද්ධ ලාභයක් රජයට අහිමිකර ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.

එමෙන්ම පසුගිය ආණ්ඩු සමයේ මිලියන 1600ක් වු විදේශ ආයෝජන අද වන විට මිලියන 900ට බැස ඇති බවත් ඒ මගින් මෙම ආණ්ඩුවේ තත්ත්වය පැහැදිලි වන බවත් ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම ඒ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා කියා සිටියේ යුද්ධය ඇති වීමට පෙරද තැනින් තැන සුළු සුළු සිදුවීම්, ප්‍රචණ්ඩත්වයන් වාර්තා වු බවත්, එමෙන්ම නව පක්ෂයක ආරම්භය තුළද විවිධ රැස්වීම්, පෙළපාලි, රැළි යනාදිය මගින් නව පක්ෂයක් ඇති කිරීමේ යුද්ධය සිදු කරන බවයි.

Related posts

අද සිට බස්රථවල ආසන ගණනට මගීන් ප‍්‍රවාහනයට අවසර

colombotoday

රටින් පැන්න ලඩියාගේ වත්කම් පොලිස් භාරයට

colombotoday

කොරෝනා වෛරසය මර්ධනය කිරීමට සහයෝගය දෙන්න – හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

බුරවිගේ බලපෑමෙන් යාපනයේ 1589 ක් පීඩාවට – නිවාස 156 කට හානි.

colombotoday

වියළි මිදි හිස් ඇසුරුම් තුළන් කෝටි 1 1/2ක වියළි කහ මතුවෙයි

colombotoday

මුදල් විශුද්ධිකරණ පනත යටතේ නාමල්ට නඩු!

colombotoday