Colombo Today Local News

කොරෝනා වෛරසය මර්ධනය කිරීමට සහයෝගය දෙන්න – හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ජනතාවගෙන් ඉල්ලයි

කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා රජයට සහයෝගය ලබා දෙන ලෙස හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (13) විශේෂ නිවේදනයක් නිකුත් කරමින්ජ නතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙහිදී හිටපු අමාත්‍යවරයා දැක්වූ අදහස්….

අද අපේ රට පුරා කොරෝනා වෛරසය පිළිබඳව විශාල ආන්දෝලනයක් ඇති වෙලා තිබෙනවා. චීනයෙන් ආරම්භවුනු කොරෝනා වෛරසය දැන් යුරෝපය පුරා විශේෂයෙන්ම ඉතාලිය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. එනිසා බොහෝ රටවල් තමන්ගේ රටට එන වැසියනුත් තමන්ගේ රටෙන් පිට වීමත් විශාල වශයෙන් නවතාදමා තිබෙනවා. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ ඉතා සීග්‍රයෙන් බෝ වන වෛරසයක් වීමයි. බෝවීමේ පවත්නා තීව්‍ර තාවය නිසා ගොඩක් දුරට තමන් ආරක්ෂා විය යුතුය බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මේ සම්බන්ධව පැතිර යන සමහර වැරදි තොරතුරු පිළිබඳව අවධානය යොමු නොකරමින් තමන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙන ලෙසයි. විශේෂයෙන්ම රජය පිටරටින් එන සෑම කෙනෙක්ම නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒ වගේම කොරෝනා වෛරසය ආසාදනය වූ අනිකුත් රටවල් එක්ක බලන විට අපේ රටේ තත්ත්වය ඉතා හොඳයි.

ඒ නිසා මේ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය  ක්‍රියාමාර්ග තමයි රජය ගන්නේ. ඒ සඳහා අවශ්‍ය සහයෝගය ජනතාවගෙන් අවශ්‍ය වෙනවා. කෑගැසීම් බැනවැදීම් නොවෙයි මේ වෙලාවේදී කල යුත්තේ. මේක තේරුම් අරගෙන අවශ්‍ය කරන සහය ජනතාව ලබා දෙයි යන්න රජය  බලාපොරොත්තුවන ප්‍රධානම කාරණාවක්. ඒකෙන් අදහස් කරන්නේ නෑ බිය විය යුතුයි කියලා. බිය වෙලා අපි අපේ හිතවතුන් අසල්වැසියන් කොන් කිරීම නොවෙයි අපි කළ යුත්තේ. අපි ආරක්ෂා වී මේ වෛරසය පැතිරීම වැළැක්වීම යි අපි කළ යුත්තේ. ඒ සඳහා රජය ගෙන යන ක්‍රියාමාර්ග වලට සහාය දෙන්න ඕන.

ඒ වගේම නැවත සැරයක් කියන්න කැමතියි දැනට අසාමාන්‍ය ලෙස බෝවන මාරක වසංගත තත්වයක අපේ රට නෑ. අපේ රට හුඟක් ආරක්ෂාකාරීයි. මේ තත්ත්වය අපි දිගටම වර්ධනය කරගත්තොත් මේ වෛරස මර්දනය කරගන්න අපිට පුළුවන්. දැනට අපිට දැනගන්නට ලැබෙන විදිහට චීනය මේ වෛරසය පාලනයකර ගෙන තිබෙනවා. ඒ නිසා ඉතාමත් අඩුවෙන් තමයි රෝගීන් වාර්තා වීම දැන් සිදුවෙන්නේ. ඒ අනුව යම් කිසි නිශ්චිත කාල සීමාවක් තුළ හරියාකාරව අපි ආරක්ෂා වුණොත් මේ වෛරසය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට අපිට හැකි වෙනවා කියන එක විශ්වාස කරන්න ඕන.

මෙවැනි තත්ත්වයන් විවිධ කාලවලදී ලෝකයේ ඇතිවෙලා තිබෙනවා. විශේෂයෙන්ම යටත් විජිත කාලේ වසූරිය විශාල වශයෙන් ලංකාවේ ව්‍යාප්ත වුණා. එයට ප්‍රධාන හේතුව ලංකාවට ආව විදේශිකයෝ ඊට පස්සේ එක්දහස් නවසිය විසි ගණන්වල මැලේරියා රෝගය ලංකාව පුරා ව්‍යාප්ත වුණා. ඒ අවස්ථාවලදී එවකට රට පාලනය කළ අය යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තත්වය පාලනය කරගෙන තිබෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම කල්පනා කරලා බලලා ආරක්ෂාකාරීව ජීවත්වීම තමයි අවශ්‍යය. රජය අවශ්‍ය තීන්දුව අවශ්‍ය වෙලාවට ගන්නවා. ඒකට සහාය ලබාදීම ඔබ විසින් කළ යුතුයි. ආරක්ෂක තත්වයක් මත අපි හිටියොත් මේ කොරෝනා වෛරසයෙන්  ආරක්ෂා වීමට සහ ගැලවීමට අපිට පුළුවන්.

Related posts

ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 87% ක් ලෙඩ්ඩු

colombotoday

සහරාන් හෂීම් සහ යහපාලන රජයේ දේශපාලන නියෝජිතයන් පිරිසක් අතර තිබු සාකච්ඡාවක වීඩියෝවක්

colombotoday

දරුවකු යොදාගෙන ඇෆ්ගන් ත්‍රස්‌තයෝ මංගල උත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌

colombotoday

චන්ද්‍රිකා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට !

colombotoday

මෙරට ඛනිජ තෙල් වෙළඳාමට විදෙස් සමාගම් 3කට අවසර

Admin

පාස්කු ප්‍රහාරයේදී පුපුරා ගියේ දරුණු අන්තවාදයයි. | කාදිනල්ගෙන් යලිත් යු-ටර්න් එකක්.

colombotoday